04th January 2024 19:08:25 Hours
පාකිස්ථානයේ ආරක්‍ෂක ලේකම් ලුතිනන් ජෙනරල් හමුද් උස් සමාන් ඛාන් (විශ්‍රාමික) (Lieutenant General Hamood Uz Zaman Khan) පස්දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණියේය. එතුමන් ජනවාරි මස 02 දින නුවර ප්‍රදේශයේ සංචාරයක නිරත වූ අතර ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම ගේ උපදෙස් පරිදි එම ආරක්‍ෂක සේනා මුලස්ථානය වෙතින් මෙම සංචාරයේ සම්බන්ධීකරණ කටයුතු සිදුකරනු ලැබීය.
සංචාරය සමාප්තියේ ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම විසින්, දෙරට අතර අන්‍යෝන්‍ය සහයෝගය සහ සුහදත්වය සංකේතවත් කරමින් පාකිස්ථානු ආරක්‍ෂක ලේකම් වෙත සමරු තිළිණයක් ප්‍රදානය කරනු ලැබීය.
මෙම සංචාරය සඳහා 11 පාබල සේනාංකයේ සේනාංකාධිපති ප්‍රමුඛ තවත් ජ්‍යේෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු සහභාගී වූහ.