Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

10th March 2020 10:10:08 Hours

පාකිස්තානයේ සිටින යුද්ධ හමුදා ‘PATS’ කණ්ඩායම පළමු අනුශූරතාව දිනා ගනී

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පාබල හමුදාව නියෝජනය කරමින් ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව, ගැමුණු හේවා බළකාය සහ ගජබා රෙජිමේන්තුවට අයත් නිලධාරීන් දෙදෙනෙකු සහ සෙසු නිලයන් 7 දෙනෙකුගෙන් යුත් ‘PATS’ කණ්ඩායම මාර්තු මස 1 සිට 5 දක්වා කාලය තුළ තුර්කිය, පාකිස්තානය, සෞදි අරාබිය සහ දකුණු අප්‍රිකාව නියෝජනය කරමින් සහභාගී වූ ‘PATS’ කණ්ඩායම් සමඟින් පාකිස්තානයේ ඛාරියන් (Kharian) හී පැවති ‘Pakistan Army Team Spirit (PATS)’ තරඟාවලියට සහභාගී වී රිදී පදක්කමක් දිනාගනිමින් අනුශූරතාවය හිමිකරගනු ලැබීය.

මෙම තරඟාවලිය වාර්ෂිකව පැවැත්විමේ අරමුණු වන්නේ සෙබලුන්ගේ ශාරීරික යෝග්‍යතාවය, උපාය මාර්ගික කුසලතා සහ ගුණාංග ප්‍රවර්ධනය, ප්‍රතිත්‍රස්ත මෙහෙයුම් වලදි භාවිතාවන සුළු පරිමාණයේ උපක්‍රම හා රණබිම් ක්‍රමවල දැනුම බෙදා හදා ගැනිම සහ සහභාගි වන රටවල් අතරේ සහයෝගිතාවය හා ඒකාබද්ධ පුහුණුව වර්ධනය කර ගැනිම යන කරුණු වේ.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ද ඔවුන්ගේ ජයග්‍රහණය පිළිබඳ එම කණ්ඩායමට සිය සුභපැතුම් එක් කරනු ලැබීය. මෙම තරඟාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ කණ්ඩායම පිටත්ව යැමට ප්‍රථම මින්නේරිය පාබල හමුදා මූලික පුහුණු පාසලේ මෙන්ම කුඩාඔය කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසලේ පුහුණුව ලැබීය.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ‘PATS’ කණ්ඩායමට කණ්ඩායම් කළමනාකරුවෙක්, කණ්ඩායම් නායකයෙක්, කණ්ඩායම් දෙවන අණදෙන නිලධාරියෙක්, කණ්ඩායම් කොමිෂන් නොලත් නිලධාරියෙක්, රේඩියෝ සංඥා පණිවිඩ ක්‍රියාකරුවෙක් මෙන්ම රයිෆල් සෙබළුන් දෙදෙනෙකු සහ තවත් සාමාජිකයින් දෙදෙනෙකු ඇතුලත් වූ අතර ඔවුන් පැය 72 ක කාල රාමුවක් තුලදී ක්ෂේත්‍ර ඉසව් 28 ක අභියෝගාත්මක තරඟාවලියක නියැළෙනු ලැබීය.

ඔවුන් එම තරඟාවලිය තුලදී ඇඳුම් කට්ටල පරික්ෂණය (Kit Inspection), සංඥා සම්බන්ධතා පරික්ෂණය (Signal Communication Test), විවිධ ආයුධ සහ සටන් උපකරණ හඳුනාගැනීම (Recognition of Various Weapons and Combat Equipment), කඳවුරකට රහසේ ඇතුලුවිමේ මෙහෙයුම් සඳහා වාචික නියෝග (Verbal Orders for Infiltration Operation), රහස් මෙහෙයුම්/රාත්‍රියේ ගමන් කිරිම/නිරික්ෂණය (Infiltration Operation Night Navigation), නිරීක්‍ෂණය සහ සවන්දීම (Observation and Hearing), ආගන්තුකයන් සමඟ කටයුතු කිරීම (Dealing with Strangers), සැඟවුණු ස්ථානයකට පහරදිමේ සරඹ (Occupation of Hide Out and Related Drills Techniques), ගුවන්යානා ගොඩබැස්විමේ ස්ථාන ලකුණු කිරිම සහ ගොඩබැස්විමේ සරඹ (Selection Marking of Landing Zone and Helicopter Landing Drills), වෙඩිපත් ඉලක්ක කර ගැනිමේ ක්‍රියා පිළිවෙත (Artillery Target Grid Procedure Indication of Target), සුනඛයන් මඟහැරයාම (Dog Evasion), යුද සිරකරුවන් පරිහරණය කිරිමේ පිළිවෙත (Prisoner of War Handling), රණබිමේදී සමීප ඉලක්කයන් වලට පහරදීම සඳහා අණ ලබාගැනීම මෙන්ම සතුරුබිමේදී කොටු වූ සහෝදර සෙබළු කඩිනමින් ඉවත් කරගැනීම (Quick Battle Orders for Close Target Reconnaissance Exfiltration), සමිප ඉලක්කපත් පිරිසුම් සරඹ (Close Target Reconnaissance Drill), රැක සිට පහරදිම සහ රැක සිට පහරදිම වැළැක්විමේ සරඹ (Ambush Anti Ambush Drills), හෙලිකොප්ටර් කඩාවැටීමේ දී ප්‍රථමාධාර සැපයීම් (Dealing with Helicopter Crash First Aid), බිම්බෝම්බ ඉවත් කිරිමේ සරඹ (Mine Field Clearance Drills), ඉලක්කපත් පිරිසුම් වාර්තා සැකසිම (Preparation of Target Reconnaissance Report), කඹ භාවිතයෙන් කඳු තරණය කිරීම (Rope Rappelling), නෙරපා හැරීමේ මෙහෙයුම් (Exfiltration Operation Navigation), වේගවත් පා ගමන (Speed March), අහඹු පරික්ෂණ (Surprise Tests), වෙඩිතැබීම් (Firing), න්‍යෂ්ඨික ජිව රාසායනික අවි වලින් ආරක්ෂාව (Nuclear Biological Chemical Defence), පහරදිමේ ක්‍රම (Assault Techniques), ජල බාධක තරඟය (Crossing of Water Gap Obstacle Crossing) සහ පර්යන්ත කට්ටල පරීක්‍ෂාව (Terminal Kit Inspection) යන ක්‍රියාකාරකම් සපුරනු ලැබීය. Authentic Nike Sneakers | Air Jordan Retro - 2021 Release Dates + Preview , Fitforhealth