Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

25th November 2019 08:22:27 Hours

ප්‍රවීණ ක්‍රිකට් පුහුණු කරුවන්ගේ සහභාගීත්වයෙන් යාපනයේ තරුණයින්ට ක්‍රිකට් පුහුණු වැඩසටහනක්

යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය ගේ මඟ පෙන්වීම මත එම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ඇති 51 වන සේනාංකය විසින් උතුරේ ක්‍රිකට් ක්‍රීඩකයින් සඳහා සංවිධානය කරන ලද පූර්ණ දින ක්‍රිකට් පුහුණු කඳවුරක් ඉකුත් ඉරිදා (24) දින යාපනය ශාන්ත පැට්‍රික් විද්‍යාල ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

මෙම අවස්ථාව අර්ධද්වීපයේ සිටින තරුණ ක්‍රිකට් ක්‍රීඩකයින් අතර ක්‍රීඩා කුසලතා වැඩි දියුණු කිරීම සහ උතුරු පළාතේ තරුණ ක්‍රිකට් ක්‍රීඩකයින් අතර සුහදතාවය ප්‍රවර්ධනය කිරීමේ අරමුනින් යුතුව සංවිධානය කරන ලදී. තවද මෙම වැඩසටහන තුළින් අනාගතයේදී ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රිකට් කණ්ඩායමට එක්විය හැකි සුවිශේෂී දක්‍ෂතා ඇති තරුණ ක්‍රීඩකයින් තෝරාගැනිමට ද හැකිවනු ඇත.

පුහුණු කඳවුර මෙහෙයවනු ලැබුවේ ප්‍රමුඛ පෙළේ ක්‍රිකට් තරුවක් වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ කපිතාන් අජන්ත මෙන්ඩිස් ඇතුළු ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සහ යුද්ධ හමුදා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයින් පිරිසක් විසිනි.

තවද මෙම වැඩසටහන සඳහා යාපනය, කිලිනොච්චි, මුලතිව්, වවුනියා, මන්නාරම සහ උතුරු පළාතේ අනෙකුත් ප්‍රදේශයන්හී පාසල් කණ්ඩායම් නියෝජනය කරමින් ක්‍රිකට් ක්‍රීඩකයින් 75 දෙනෙකු සහභාගී වූ අතර එහිදි ඔවුන්ට පිතිකරනය සහ පන්දු යැවීම පිළිබඳ මනා පුහුණුවක් ලබාදුන්හ.

පැවති සමාරම්භක උත්සව අවස්ථාව සඳහා යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති, 52 වන සේනාංකයේ සේනාංකාධිපති, බලසේනාධිපතිවරුන්, ශාන්ත පැට්‍රික් විද්‍යාලයේ විදුහල්පති, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, මුලතිව් ක්‍රිකට් පුහුණුකරු, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රිකට් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයින් සහ යුද හමුදා සාමාජිකයින් පිරිසක් සහභාගී වූහ. latest Nike Sneakers | Nike KD 14 Colorways, Release Dates, Price , Iicf