Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th July 2019 15:12:19 Hours

පළමු වරට ‘රණවිරු ඇපරල්’ කර්මාන්ත ශාලාවේදී පොසොන් බැතී ගී ප්‍රසංගයක්

පොසොන් පොහෝ දිනට සමගාමීව, යක්කල, රණවිරු ඇපරල් කර්මාන්ත ශාලාවේ සේනාවිධායක මේජර් ජෙනරාල් මංජුල මනතුංග ගේ සංකල්පයකට අනුව පළමු වරට සංවිධානය කරනු ලැබූ පොසොන් බැතී ගී ප්‍රසංගය ජූනි මස 19 වන දින රණවිරු ඇපරල් කර්මාන්ත ශාලා පරිශ්‍රයේ දී පැවැත්විණි.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මේජර් ජෙනරාල් මංජුල මනතුංග පැමිණිමෙන් අනතුරුව පොසොන් බැතී ගී ප්‍රසංගය ආරම්භ වූ අතර මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායක මේජර් ජෙනරාල් එල්.එෆ්. කස්තුරිආරච්චි, ලයා හෝටෙල් සමුහයේ ප්‍රධාන විධායක නිලධාරී බ්‍රිගේඩියර් ජි.ආර්.එම්.යු.කේ.කේ. ජයසිංහ, රණවිරු සම්පත් කේන්ද්‍රයේ සේනාවිධායක බ්‍රිගේඩියර් ප්‍රියංකර ප්‍රනාන්දු ඇතුළු සම්භාවනීය ආරාධිතයින් රැසක් සහභාගී වූහ.

තවද, මෙම අවස්ථාව සඳහා රණවිරු ඇපරල් කර්මාන්ත ශාලාවේ නියෝජ්‍ය සේනාවිධායක බ්‍රිගේඩියර් කපිල රණවිර ඇතුළු කර්මාන්ත ශාලාවේ කළමනාකරුවන්, රණවිරු ඇපරල් ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, යක්කල පොලිස් ස්ථානයේ ස්ථානාධිපති, අනෙකුත් ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන්, බැංකු කළමනාකරුවන් මෙන්ම ප්‍රදේශයේ සිවිල් වැසියන් විශාල පිරිසක් සහභාගි වූහ.

එමෙන්ම, රණවිරු ඇපරල් කර්මාන්ත ශාලාවේ සේනාවිධායකතුමන්ගේ ඉල්ලීමකට අනුව කිරිඳිවැල මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන් ආකර්ෂණිය සම්ප්‍රදායික නර්තනයෙන් ප්‍රසංගය වර්ණවත් කරන ලදී. spy offers | Nike