Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

12th April 2021 17:37:49 Hours

පසුගිය පැය 24 තුළ පුද්ගලයින් 144 දෙනෙකු පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි

අද (13) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 263 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 38 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් වේ. ඉතිරි පුද්ගලයින් 225 දෙනා දේශීයව හඳුනාගත් ආසාදිතයින් ලෙස වාර්තා වේ. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, ඒ ආසාදිතයින් 67 ක් ලෙසය. ඊට අමතරව, කුරුණැගල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 27 ක් සහ කෑගල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 22 ක් වාර්තා වේ. අනෙක් ආසාදිතයින් 109 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වලින් වාර්තා වේ.

අද (13) දින උදෑසන වනවිට, මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුරට සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපලට සම්බන්ධ පොකුරෙන් වාර්තා වූ කොවිඩ් - 19 වෛරසය ආසාදිත සම්පූර්ණ පුද්ගලයින් සංඛ්‍යාව 90,745 ක් වේ. ඉන් පුද්ගලයින් 90,375 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත.

අද (13) දින උදෑසන වනවිට, පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපල පොකුරේ සම්පුර්ණ ආසාදිතයින් සංඛ්‍යාව 87,686 ක් වන අතර ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනය වු සම්පුර්ණ ආසාදිතයින් සංඛ්‍යාව 95,393 ක් වේ. ඉන් පුද්ගලයින් 91,774 ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත. අද (13) දින උදෑසන වනවිට, රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ ආසාදිතයින් 3,021 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබති.

අද (13) දින උදෑසන 0600 වනවිට (පසුගිය පැය 24 තුළ) රෝහල් සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 144 ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.

අද (13) දින උදෑසන වනවිට (පසුගිය පැය 24 තුළ) ශ්‍රී ලංකාව තුළින් කොවිඩ්-19 වෛරසය ආසාදිත කිසිදු මරණයක් වාර්ථා වී නොමැත.

අද (13) දිනයේදී ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 103 ක් තුළ පුද්ගලයින් 10,845 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටිති.

ඊයේ (12) දිනය තුල PCR පරික්‍ෂණ 3,044 ක් සිදුකර ඇත. latest jordan Sneakers | 2021 New adidas YEEZY BOOST 350 V2 "Ash Stone" GW0089 , Ietp