Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

02nd August 2020 14:10:37 Hours

පසුගිය පැය 24 තුළ කොවිඩ්-19 වෛරසය ආසාදිත නව රෝගින් හඳුනාගෙන නොමැති බව කොවිඩ්-19 වෛරසය පැතීරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි

පසුගිය පැය 24 ක කාලය තුල මෙරටින් කිසිදු කොවිඩ් - 19 ආසාදිතයෙකු වාර්ථා නොවන අතර, අද (02) දින උදෑසන 0600 වනවිට කන්දකාඩු මත්ද්‍රව්‍ය, ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ කොවිඩ් - 19 ආසාදිතයින් සංඛ්‍යාව හයසිය දෙනෙකු (600) ලෙස වාර්තා වේ. ඉන් පුද්ගලයින් 482 ක් පුනරුත්ථාපනය වන රැඳවියන් වේ. තවද, පුද්ගලයින් 66 දෙනෙකු කාර්ය මණ්ඩලයට අයත් සාමාජිකයින් ද, ආරාධිත කාර්ය මණ්ඩලයට අයත් පුද්ගලයින් 05 දෙනෙකු ද, පවුල් හා සමීපතම පුද්ගලයින් 46 ක් සහ වැලිකඩ බන්ධනාගාරයේ කොවිඩ් - 19 වෛරසය ආසාදිත වූ රැඳවියා ඇසුරු කළ එක් පුද්ගලයෙකු (01) ලෙස වාර්ථා වේ.

මේ අතර, අද (02) දින සන්ධ්‍යාවේ නිරෝධායන ක්‍රියාවලිය සම්පූර්ණ කළ නිපුන බූස්ස නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් 5 දෙනෙකු සහ ඩොල්ෆින් හෝටල් පරිශ්‍රයේ පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් 4 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 09 දෙනෙකු සිය නිවෙස් බලා පිටත්ව යාමට නියමිතව ඇත.

අද (2) වන විට නිරෝධායන ක්‍රියාවලිය අවසන් කිරීමෙන් පසු පුද්ගලයින් 28,986 ක් සිය නිවෙස් බලා පිටත්ව ගොස් ඇත. එසේම, ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනුලබන නිරෝධායන මධ්‍යස්ථාන 34 ක් තුළ පුද්ගලයින් 2047 දෙනෙකු තවදුරටත් නිරෝධායන ක්‍රියාවලියේ නිරතව සිටින අතර, ඊයේ (1) දින ඇතුළත PCR පරීක්ෂණ 1280 ක් සිදු කර ඇති අතර, මෙතෙක් රට තුළ සිදු කර ඇති සම්පූර්ණ PCR පරීක්ෂණ ප්‍රමාණය 160,226 කි. එසේම, සුවය ලැබූ රෝගීන් 48 දෙනෙකු අද උදෑසන වන විට රෝහල්වලින් පිටව ගොස් තිබේ. ඔවුන්ගෙන් 15 දෙනෙකු විදේශයන්හී සිට මෙරටට පැමිණ නිරෝධයන මධ්‍යස්ථනවල නිරෝධායනය වෙමින් සිටියදී ආසාදිතයන් බවට හඳුනාගෙන ඇති අතර, සෙසු ආසාදිත පුද්ගලයින් 33 දෙනා දේශීයව හඳුනාගෙන ඇත. Running sport media | Nike Running