Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

31st May 2017 14:21:56 Hours

පවතින කාලගුණික තත්වයන් නොතකා දිගින් දිගටම යුද්ධ හමුදා භට පිරිස් සිය දායකත්වය දක්වති

යුද්ධ හමුදා භට පිරිස් සියගණනක් යුද්ධ හමුදාධිපතිගේ අධීක්ෂණය යටතේ අඟහරුවාදා (30) දින වන විටත් වර්ෂාව හේතුවෙන් නායයෑමට ලක් වූ ප්‍රදේශවල සුන්බුන් ඉවත් කරමින් මාර්ග පිළිසකර කිරීමේ කටයුතුවල නිරතව සිටියි.

ගුවන් සංග්‍රාමික බලසේනාව යටතේ වන 5 වන ගැමුණු හේවා බළඇණියේ සාමාජිකයින් 115 දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ සාමාජිකයින්ගේ පූර්ණ සහයෝගය ඇතිව දරුණු ලෙස නායයෑමට ලක් වූ නිවිතිගලට නුඳුරු කිරිබත්ගල කඳු ප්‍රදේශයේ අතුරුදන් වූවන් සෙවිමේ මෙහෙයුම් කටයුතු තවමත් සිදු කරනු ලැබේ.

තවද යුද්ධ හමුදා භට පිරිස් අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ආපදාවට ලක් වූ බුලත්සිංහල - අඟලවත්ත මාර්ගයේ මාවතවත්ත, බෙල්ලන සහ බෝගහවත්ත, පාහියන්ගල කඳු ප්‍රදේශය සහ වීරකැටිය යන ප්‍රදේශවල සන්නද්ධ භට පිරිස් ප්‍රවාහන රථ ආදිය ද යොදා ගනිමින් සහන මෙහෙයුම් කටයුතුවල නිරතව සිටියි.

මෙම සහන මෙහෙයුම් කටයුතු සඳහා යුද්ධ හමුදා යන්ත්‍රෝපකරණ උපයෝගී කර ගනිමින් 9 වන ගැමුණු හේවා බළඇණිය, 4 වන ඉංජිනේරු සේවා බලකාය, 12 වන සේනාංක මූලස්ථානය, 582 වන බලසේනා මූලස්ථානය, 5 වන ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුව සහ 5 වන ශ්‍රී ලංකා සංඥා බලකාය ද සිය දායකත්වය දක්වනු ලැබීය.

මීට අමතරව 58 වන සේනාංකය යටතේ ස්ථාපිත 581 බලසේනා භට පිරිස් විසින් පසුගිය දින දෙකක කාලය පූරාවට ගිං ගඟෙහි පැති බැම්මෙහි වැලි කොට්ට අතුරා බැම්ම ශක්තිමත් කිරිමේ කටයුතු වල ද නිරත වූහ.

58 වන සේනාංකය යටතේ ස්ථාපිත 582 වන බලසේනාවට අයත් 9 වන ගැමුණු හේවා බලඇණියේ සහ 12 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භට පිරිස්, අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දරුණු ලෙස ආපදාවට ලක්වු කළුතර දිස්ත්‍රික්කයේ අත්වැල්තොට, අගලවත්ත, බඳුරලිය, පාහින්ගල, යටිගම්පිටිය සහ බුලත්සිංහල යන ප්‍රදේශවල ගලවා ගැනීමේ සහ සහන මෙහෙයුම් කටයුතුවල නිරත වූ අතර සිවිල් වැසියන් විශාල පිරිසක් බේරාගැනීමට ද සමත්විය.

මීට අමතරව, රණසේවා අධ්‍යක්ෂ මණ්ඩලයේ අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් ප්‍රියන්ත නාපාගොඩ ගේ සම්බන්ධිකරණයෙන් 58 වන සේනංක මුලස්ථානය විසින් ගංවතුරින් අවතැන් වූ ගාල්ල, මාපලගම පිහිටි රණවිරු ගම්මානයේ ජනතාව වෙත හාල්, සිනී, පරිප්පු, නුඩ්ලස්, වතුර බෝතල්, බිස්කට් සහ අනෙකුත් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය අඩංගු වියළි ආහාර පාර්සල් 100 ක් බෙදාදෙනු ලැබීය.

තවද 58 වන සේනාංක මූලස්ථානය විසින් තම වියදමින් කෑම පාර්සල් 1000 ක් පිළියෙල කර එම සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු ගේ සහභාගීත්වයෙන් සඳුදා (29) දින ගංවතුරින් අවතැන් වූ අඟලිය, දිවිතුර සහ උණන්විටිය යන ප්‍රදේශවල සිවිල් වැසියන් හට බෙදාදෙන ලදි.

සහන සේවා කටයුතුවලට අමතරව මෙම ආපදා තත්ත්වය හේතුවෙන් මියගිය අයවලුන්ගේ අවමංගල්‍ය කටයුතු සඳහා ද යුද්ධ හමුදා භට පිරිස් විසින් සිය දායකත්වය දක්වනු ලැබීය.

url clone | Air Jordan Sneakers