Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th October 2017 16:01:23 Hours

පරිත්‍යාගශිලීන් දෙදෙනෙකුගේ සහාය ඇතිව නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථාන භට පිරිස් වැලිකන්ද පුස්තකාල ගොඩනැගිල්ල නැවත පිළිසකර කරයි

දකුණේ පරිත්‍යාගශිලීන් දෙදෙනෙකුගේ මුල්‍යමය දායකත්වයෙන් අත්හැරදමා තිබූ පුස්තකාල ගොඩනැගිලි දෙකක් නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථාන භට පිරිස් හි ඉංජිනේරු සහ තාක්ෂණික සහාය ඇතිව ප්‍රතිසංස්කරණය කළ අතර, එම පුස්තකාල දෙක සිසු අයිතියට පත් කිරීම සිකුරාදා (06) දින පැවති උත්සවයන් හි දී සිදු කෙරිනි.

දිඹුලාන කනිෂ්ඨ විද්‍යාලයේ සහ වැලිකන්ද, සිංහපුර කනිෂ්ඨ විද්‍යාලයේ පුස්තකාල ගොඩනැගිලි අබලන් තත්වයේ පවතින බව දැනගත්ආරක්ෂක සේනා ආඥපති මේජර් ජෙනරාල් නන්දන සේනාධීර විසින් එම පරිත්‍යාගශිලීන් වන සරෝජා මුණසිංහ මහත්මිය සහ රමණි නාරාන්ගොඩ මහත්මිය වෙත දැනුම්දුන් පසු රුපියල් 550,000/= ක් යොදවා එම පුස්තකාල ගොඩනැගිලි දෙක ප්‍රතිසංස්කරණය කරනු ලැබීය.

මෙම පුස්තකාල ගොඩනැගිලි දෙක සිසු අයිතියට පත් කිරිමේ උත්සවය සඳහා එම පරිත්‍යාගශිලීන් ද සහභාගි වු අතර, එහිදි පාසල් ළමුන් වෙත පාසල් උපකරණ තොගයක් බෙදාදෙමින් රසකැවිලි වලින් සංග්‍රහ කිරීමක් ද සිදු කරනු ලැබුහ.

Sports News | nike fashion