Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

02nd February 2018 13:40:39 Hours

පනාගොඩ යුද්ධ හමුදා ජනපදයට නොදිරන අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානයක්

මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයේ සහයෝගය ඇතිව පනාගොඩ යුද්ධ හමුදා ජනපදය තුල බැහැර කරන කුණු කසල හා නොදිරන අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණ කිරීමේ මධ්‍යස්ථානයක් ස්ථාපනය කරන ලදී.

බටහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ යුද්ධ හමුදා සාමාජිකයින්ට නවතමයෙන් ස්ථාපනය කරන ලද ‘සම්පත් පියස’ නොදිරන අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණ කිරීමේ මධ්‍යස්ථානය මගින් ප්ලාස්ටික් හා වීදුරු බෝතල්, යකඩ සහ අනෙකුත් අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කරගැනීමට හැකියාව ඇත.

මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය ගරු පාඨලි චම්පික රණවක ගේ සංකල්පයක් මත හා එම අමාත්‍යංශයේ අනුග්‍රාහකත්වයෙන් බටහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ දී මෙම ව්‍යාපෘතිය දියත් කරනු ලැබීය.

බටහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ පැවැති මෙම උත්සවය සඳහා ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ ජවීලාල් ප්‍රනාන්දු, මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයේ අතිරේක ලේකම් වෛද්‍යසේකර මහතා, සමාජ සේවා නිලධාරි නිමල් ප්‍රේමතිලක මහතා සහ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරින් රැසක් සහභාගි වූහ.

jordan release date | Nike Releases, Launch Links & Raffles