Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

03rd September 2019 07:10:24 Hours

පකිස්තාන යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීයෙකු යුද්ධ හමුදාධිපති හමුවෙයි

‘කොළඹ ආරක්‍ෂක සම්මන්ත්‍රණය - 2019’ සැසිවාරය සඳහා සහභාගී වූ පකිස්තාන යුද්ධ හමුදාවේ මේජර් ජෙනරාල් ෂාහිඩ් නසීර් (Major General Shahid Nazir) ඉකුත් සිකුරාදා (30) දින සම්මන්ත්‍රණය අතරතුර බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ප්‍රභූ සාකච්ඡා ශාලාවේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හමුවිය.

මෙම සුහද හමුවේදී, පුහුණු වැඩසටහන් සහ කලාපීය සහයෝගීතාව මෙන්ම දෙරට හමුදාවන් අතර පැවැත්වෙන සාකච්ඡා වැඩසටහන් කෙරෙහි දෙපාර්ශවයේම අවධානය යොමුවිය. එම සුහද හමුව අවසානයේ, ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සිය සුහදත්වයේ සහ අන්‍යෝන්‍ය අවබෝධයේ සංකේතයක් ලෙස පකිස්තාන යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරී වෙත සමරු තිළිණයක් ප්‍රදානය කළේය.

මේජර් ජෙනරාල් ෂාහිඩ් නසීර් (Major General Shahid Nazir) වර්ෂ 1989 සැප්තැම්බර් 8 වන දින අධිකාරියට පත්ව පාකිස්තාන හමුදාවේ පන්ජාබ් රෙජිමේන්තුව වෙත ඇතුලත් කරන ලදී. මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන් ක්වට්ටා පිහිටි අණ හා මාණ්ඩලික විද්‍යාලයේ, තුර්කියේ පිහිටි විදේශ මාණ්ඩලික පාඨමාලාව, ඉස්ලාමාබාද් පිහිටි ජාතික ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ සහ එක්සත් ජනපද යුද හමුදා විද්‍යාලයේ උපාධිධාරියෙකි. එතුමන්ගේ වෘත්තිය දිවිය තුළ පාබල බලසේනාවේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරී 3, කාකුල් පිහිටි පකිස්තානු හමුදා විද්‍යාපීඨයේ ඛණ්ඩභාර නිලධාරී, පාබල බලසේනාවේ බලසේනා මේජර්, ප්‍රධාන මාණ්ඩලික නිලධාරී - I (හමුදා මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ) සහ පාකිස්තාන ඉස්ලාමීය ජනරජයේ ජනාධිපතිගේ හමුදා ලේකම් ඇතුළු විවිධ අණ, මාණ්ඩලික හා උපදේශක තනතුරු රැසක් හොබවා ඇත.

අල්-මිසානන්ඩ් (Al-Mizanand) එක්සත් ජාතීන්ගේ දූත මණ්ඩල ලයිබීරියාවේ මෙහෙයුමේදී එතුමන් පන්ජාබ් රෙජිමේන්තුවේ බලඇණියකට අණ දී ඇති අතර පාබල සේනාංක දෙකකට අණ දී තිබේ. මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන් ක්වට්ටා පිහිටි පාබල හා උපක්‍රම පුහුණු පාසලේ සේනාවිධායක ලෙස කටයුතු කළ අතර 2018 සැප්තැම්බර් මස 5 වන දින පාබල සේනාංකයේ සේනාංකාධිපති ලෙස රාජකාරී භාරගත්හ. Best jordan Sneakers | Patike