Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

31st July 2017 21:56:46 Hours

නොච්චියාගම සිවිල් වැසියන් සඳහා නොමිලේ ඇස්කණ්ණාඩි බෙදාදීමක්

සාලියවැව, යුද්ධ හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ මුලිකත්වයෙන් නොච්චියාගම ප්‍රදේශයේ සිවිල් වැසියන් හට නොමිලේ ඇස්කණ්ණාඩි බෙදාදීමක් බ්‍රහස්පතින්දා (27) දින නොච්චියාගම, තල්ගස්වැව විද්‍යාලයේ දී සිදු කරනු ලැබීය.

යුද්ධ හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක බ්‍රිගේඩියර් රන්දුල හත්නාගොඩ ගේ ඉල්ලීමකට අනුව 6 වන වරටත් සිදු කරනු ලැබූ මෙම සත්කාරය සඳහා මෙවරත් කැන්ඩි දෘෂ්ඨී විශේෂඥයෝ පුද්ගලික සමාගමේ (Kandy Opticals (Pvt) Ltd) වෛද්‍ය නිමල් වීරකොන් ඇතුලු එම වෛද්‍ය කාර්ය මණ්ඩලය අනුග්‍රහය දක්වන ලදි.

මෙම ජංගම අක්ෂි සායනයේ දී 400 ක් පමණ වූ පිරිසකගේ අක්ෂි පරික්ෂාව සිදු කළ අතර, අක්ෂි ආබාධ සහිත පුද්ගලයින් 188 දෙනෙකු සඳහා නොමිලේ ඇස්කණ්ණාඩි බෙදාදෙනු ලැබීය.

මේ සඳහා යුද්ධ හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක, තල්ගස්වැව විද්‍යාලයේ විදුහල්පති, ප්‍රදේශයේ ග්‍රාම සේවා නිලධාරී ඇතුලු තවත් පිරිසක් එක්ව සිටියහ.

Running sports | Nike Air Force 1 Shadow White/Atomic Pink-Sail For Sale – Fitforhealth