Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th January 2018 14:30:24 Hours

නේපාල යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ආරක්ෂක ලේකම්තුමා සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හමුවේ

නේපාල යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් රාජේන්ද්‍ර චෙත්‍රි (General Rajendra Chhetri) සිකුරාදා (19) දින උදෑසන ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න මහතා සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවින්ද්‍ර සී. විජේගුණවර්ධන සිය කාර්යාලයන්හිදි හමුවිය.

සංචාරක නේපාල යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී, ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න මහතා ආරක්ෂක අමාත්‍යංශයේ පිහිටි සිය කාර්යාලයේ දී හමුවිය. මෙම සුහද හමුවේදී ද්විපාර්ශ්වික වශයෙන් වැදගත්වන ආරක්ෂාව සම්බන්ධ කරුණු පිළිබඳව සාකච්ඡා කල අතර, සංකේතාත්මක සමරු තිළිණ හුවමාරුවක් ද එහිදි සිදුවිය.

මීට අමතරව, නේපාල යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවින්ද්‍ර සී. විජේගුණවර්ධන ද හමුවිය. මෙම සුහද හමුවේදි දෙරටේ ආරක්ෂාව සම්බන්ධව වැදගත් කරුණු සාකච්ඡා කල අතර, සුහද හමුව අවසානයේ සංකේතාත්මක සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය.

latest Running Sneakers | UK Trainer News & Releases