Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

02nd September 2019 15:25:46 Hours

නේපාලයේ යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති හමුවෙයි

‘කොළඹ ආරක්‍ෂක සම්මන්ත්‍රණය - 2019’ සැසිවාරය සඳහා සහභාගී වූ නේපාලයේ යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ගෞරබ් තන්ඩුල් (Gaurab Thandul) ඉකුත් බ්‍රහස්පතින්දා (29) දින සම්මන්ත්‍රණය අතරතුර බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ප්‍රභූ සාකච්ඡා ශාලාවේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හමුවිය.

එහිදී, ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සුහද අදහස් හුවමාරු කරගනිමින් දෙරට අතර පවත්නා සුහද ද්විපාර්ශ්වික සබඳතා කෘතඥතාවයෙන් පිළිගත් අතර බුදුන් වහන්සේගේ උපත දක්වා වූ ඉතිහාසයේ ද්විපාර්ශ්වික සබඳතා මෙහිදී සිහිපත් කළේය.

ලුතිනන් ජෙනරාල් ගෞරබ් තන්ඩුල් (Gaurab Thandul), මෑතකදී යුද්ධ හමුදාධිපති ලෙස පත් වූ ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හට සිය සුබ පැතුම් එක්කළ අතර මෑතකදී ඇති වූ භූමිකම්පාවෙන් අවතැන් වූ නේපාලයේ ජනතාවට ශ්‍රී ලංකා හමුදාව සහයෝගය දැක්වූ ආකාරය සිහිපත් කරමින් අනාගතයේදී ද දෙරට හමුදාවන් අතර සෑමවිටම සුහද සහයෝගීතාව පවත්වා ගැනීමට ඇති කැමැත්ත ප්‍රකාශ කළේය.

මෙම සුහද හමුව අවසානයේ, සුහදත්වයේ සහ අවබෝධයේ සංකේතයක් ලෙස ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ නේපාලයේ යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ගෞරබ් තන්ඩුල් (Gaurab Thandul) අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුකෙරිණි. Running Sneakers | Air Jordan