Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

31st May 2020 18:59:54 Hours

නුඳුරේදී විශ්‍රාමයනු ලබන යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානීතුමන් වෙත ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේදී සමුගැනීමේ උත්සවයක් පැවැත්වෙයි

නුදුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ගැනීමට නියමිත යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී සහ ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ, සමුගැනීමේ උත්සවය ඉකුත් සෙනසුරාදා (30) දින රොක්හවුස් පිහිටි ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා රෙජිමේන්තු මුලස්ථානයේදී පැවැත්විණි.

දිනයේ උත්සවය කටයුතු චාරිත්‍රනුකූලව ආරම්භ කරමින් රෙජිමේන්තු වර්ණ පෙරටුකරගත් හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන ආචාර පෙළපාලියක් නික්මයන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් වෙත රෙජිමේන්තු මුලස්ථාන සරඹ භූමියේදී පිරිනැමිනි. ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා රෙජිමේන්තු මුලස්ථානය වෙත සපැමිණි යුද්ධ හමුදා දිවියෙන් නිකම යන ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන්ව, සන්නද්ධ බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එම්.ජි.ටි.ඩි. රත්නසේකර සහ ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් එම්.එස්. දේවප්‍රිය ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ අනෙකුත් නිලධාරීන් විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීනි. සමුගැනීමේ උත්සවය අතරතුරදී රුක් රෝපණ වැඩසටහනකට සහ සියලුනිල තේපැන් සංග්‍රහයකට එක්වූ එතුමන් ඉන් අනතුරුව ශ්‍රී ලංකා සන්නාහ සන්ද්ධ බලකායේ සේවයේ නියුතු භටපිරිස් ආමන්ත්‍රණය කරනු ලැබීය. සමුගැනීමේ උත්සවය අවසානයේ නික්මයන ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන්ට මාර්ග දෙපස සිට භටපිරිස් විසින් සිය ආචාරය පුද කරන ලදී.

මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ සහ ශ්‍රී ලකා සන්නාහ සන්නද්ධ බලකා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ශීරෝමි ලියනගේ මහත්මිය වෙනුවෙන් නිලධාරී නිවස්නයේදී සෞඛ්‍යාරක්‍ෂක උපදෙස්වලට මුල්තැනක් දෙමින් පැවති විශේෂ රාත්‍රි භෝජන සංග්‍රහය සඳහා ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ නිලධාරීන් සහ ඔවුන්ගේ භාර්යාවන් ද එක්වූහ. Sports Shoes | Nike News