Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

17th January 2019 17:15:18 Hours

නුඳුරේදී යුද්ධ හමුදාවෙන් විශ්‍රාමයාමට නියමිත යුද්ධ හමුදා සාමාජිකයින් වෘත්තීය පුහුණුව පිළිබඳ දැනුවත් කෙරේ

කලාඔය පිහිටි යුද්ධ හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය විසින් වසර 21 ක සේවාකාලයකින් පසුව නුඳුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාමයාමට නියමිත යුද්ධ හමුදා සාමාජිකයින් 431 ක් සඳහා වෘත්තීය පුහුණුව ලබාදීම මෙන්ම අනාගත පුහුණු සැලසුම් පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුවක් පැවැත්විණි.

මෙම වැඩමුළුවේ සමාරම්භක උත්සවය බ්‍රහස්පතින්දා (03) දින යුද්ධ හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක බ්‍රිගේඩියර් සෙනෙරත් නිවුන්හැල්ල ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ අතර එහි ආරම්භක දේශනය සිදුකරමින් නුඳුරේදි විශ්‍රාමයාමට නියමිත සියලුම යුද්ධ හමුදා සාමාජිකයින්ට මෙම වටිනා වෘත්තීය පුහුණුව ලබාදීම තුලින් සිය ජීවන වෘත්තීන් වැඩිදියුණු කරන අතර සිය ජිවිත කාලය වඩාත් ඵලදායී ලෙස මෙහෙයවීමට ද හැකිවනු ඇති බව පෙන්වාදුන්හ.

ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ අනුරාධපුර දිස්ත්‍රික් වැඩසටහන් කළමණාකරන නිලධාරී සී.පී. විජේදාස මහතා සහ යුද්ධ හමුදා වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේ නිලධාරීන් කිහිපදෙනෙකු විසින් මෙහිදි දේශන පවත්වන ලදී. Best Authentic Sneakers | nike air speed turf rose gold price per gram