Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

20th January 2021 15:19:22 Hours

නුදුරේදී විශ්‍රාම දිවියට පාතබන මේජර් ජෙනරල් සෙනරත් නිවුන්හැල්ල වෙත යුද්ධ හමුදාධිපතිතුමන් සුබ පැතුම් එක්කරයි

දශක තුනකට අධික කාලයක් යුද්ධ හමුදාව වෙනුවෙන් සහ රට වෙනුවෙන් අනගි සේවයක් ඉටුකර නුඳුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ලබන ගජබා රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් සෙනරත් නිවුන්හැල්ල යුද්ධ හමුදාධිපති කාර්යාලයේදී අද (19) දින උදෑසන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හමුවිය.

ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් නුදුරේදි විශ්‍රාම යාමට නියමිත මේජර් ජෙනරල් සෙනරත් නිවුන්හැල්ල ගේ වෘත්තිය ජීවිතයේදී දක්නට ලැබුණු කැපවීම සහ ධෛර්යය මෙන්ම වීරෝධාර රණවිරුවෙකු ලෙස කළ සේවය ද අගය කළේය. තවද වෙඩිතැබිමේ තරඟ ක්‍ෂේත්‍ර තුළ කැපී පෙනෙන වෙඩික්කරුවෙකු ලෙස එතුමන් දැක්වූ දක්‍ෂතාවයන් ද අගය කළේය.

වෙඩි තැබීම ක්‍රීඩාවක් ලෙස යුද හමුදාව තුළ ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් මේජර් ජෙනරල් නිවුන්හැල්ල ඉටුකළ කාර්යභාරය ද යුද්ධ හමුදාධිපතිතුමන් පැසසුමට ලක් කළේය. තවද, මේජර් ජෙනරල් නිවුන්හැල්ල කෙඩෙට් නිලධාරීයෙකු ලෙස යුද්ධ හමුදාවට බැඳුණු දිනයේ සිට මේ දක්වා වෙඩි තැබීමේ තරගාවලින්හී ශූරතා ලබමින් වාර්තා අළුත් කළ අතර යුද්ධ හමුදා සුළු අවි සංගමයේ සභාපති ධුරයද හොබවා ඇත. එසේම, වෙඩි තැබීමේ ක්‍රීඩාවෙන් දක්වා ඇති දක්‍ෂතාවයන් වෙනුවෙන් ජාතික හා ජාත්‍යන්තර සම්මාන රාශියක් ද හිමිකරගෙන ඇත.

මෙම සුහද හමුවේදී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, සාමය සඳහා වූ මෙහෙයුම් වෙනුවෙන් යුද පිටියේ මතකයන් සිහිපත් කරමින් වර්ෂ 1998 දියත්කළ ‘ත්‍රිවිධ බලය’ ක්‍රියාන්විතයේ සිට මෙරටට සාමය උදාකරලීමේ අවසන් සටන දක්වා උතුරු නැගෙනහිර දියත් කළ හමුදා මෙහෙයුම් සඳහා එතුමන් දැක්වූ දායකත්වය ඉතා ගෞරවයෙන් යුතුව සිහිපත් කළේය. "ඔබ මේවන විට සිදුකරනු ලබන සුවිශේෂි බැරැරුම් රාජකාරිය ඉතා කලාතුරකින් යමෙකු වෙත පැවරෙන සුවිශේෂි රාජකාරියක් බවත් එය අඛණ්ඩව කැපවීමෙන් ඉදරියේදී ඉටුකරනු ඇතැයි තමා විශ්වාස කරන බවත් යුද්ධ හමුදාධිපතිතුමන් පැවසීය. තවද ජාතිය ගොඩනැගීමේ කාර්යයන් ඉටුකිරීමට රට සුදානම් වන මොහොතක එතුමන්ගේ දායකත්වය ලබාදෙන ලෙස පැවසු යුද්ධ හමුදාධිපතිතුමන් මේජර් ජෙනරල් සෙනරත් නිවුන්හැල්ල ගේ අනාගතය වෙනුවෙන් ද සුබ පැතුම් එක් කළේය.

යුද හමුදා සේවයෙන් නික්ම යන ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන් මේවන විටත් රට වෙනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන් ලබාදෙන සේවය වෙනුවෙන් සිය කෘතඥතාවය පළ කළ අතර සිය රාජකාරී ඉටු කිරීමේදී යුද්ධ හමුදාධිපතිතුමන් තමාට ලබාදුන් දිරීගැන්වීම් පිළිබඳව ද විශේෂයෙන් මෙහිදී සඳහන් කළේය. මෙම සුහද හමුව අවසානයේ යුද්ධ හමුදාධිපතිතුමන් විසින් නික්මයන ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන් වෙත විශේෂ සමරුතිළිණයක් ප්‍රධානය කළේය.

මේජර් ජෙනරල් නිවුනන්හැල්ල සිය යුද්ධ හමුදා සේවා කාලය තුළ තනතුරු රාශියක රාජකාරීන් සිදුකර ඇත. ඒ අතර, පිරිස් පරිපාලන අධ්‍යක්ෂ, මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේ සේනාවිධයක සහ 232 වන බලසේනාවේ බලසේනාධිපති ලෙස ද කටයුතු කර ඇත. එතුමන් මේවන විට ජනාධිපති ආරක්‍ෂක අංශයේ අධ්‍යක්‍ෂවරයා ලෙස කටයුතු කරයි. Running Sneakers Store | Beyonce Ivy Park x adidas Sleek Super 72 ICY PARK White , Where To Buy , GX2769 , Ietp