09th April 2018 14:27:52 Hours
පසුගිය මානුෂීය මෙහෙයුම් සමයේ මව්බිමේ ආරක්‍ෂාව වෙනුවෙන් විශේෂ දායකත්වයක් දක්වමින් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ දි ත්‍රස්ථවාදින් විසින් එල්ල කරන ලද මෝටාර් ප්‍රහාරයක් හේතුවෙන් සිය දෙනෙත් අහිමි වු ගජබා රෙජිමේන්තුවේ මාණ්ඩලික සැරයන් ජේ.පි.ඩි රවින්ද්‍ර වෙත නිවාස හා ඉදිකිරිම් අමාත්‍යාශයේ සංවිධානයෙන් නව නිවස පරිත්‍යාග කිරිමේ උත්සවය නිවාස හා ඉදිකිරිම් අමාත්‍ය ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (9) උදෑසන පවත්වන ලදී.
මීට දින කිහිපයකට ප්‍රථම හම්බන්තොට දිස්ත්‍රික්කයේ දෘෂ්‍යාබාධිතයින් 29 දෙනෙකු සඳහා තිස්සමහාරාම, රන්මිණිතැන්න ප්‍රදේශයේ ඉදිකරනු ලැබු ‘සියනෙතුගම’ නිවාස සංකිර්ණය විවෘත කිරිමේ රාජ්‍ය උත්සවයේ සම්භාවනීය ආරාධිත අමුත්තා වශයෙන් ඇරයුම් ලද ගජබා රෙජිමේන්තුවේ මාණ්ඩලික සැරයන් ජේ.පි.ඩි. රවින්ද්‍ර හට නිවාස හා ඉදිකිරිම් අමාත්‍ය ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමන් විසින් කොළඹ ප්‍රදේශයෙන් නිවසක් ලබාදෙන බවට දුන් පොරොන්දුව මත ඔහුට අගුලාන නිවාස සංකිර්ණය තුලින් මෙම නව නිවහන හිමිවන ලදී. මාණ්ඩලික සැරයන් ජේ.පි.ඩි. රවින්ද්‍ර යුද්ධ හමුදා පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ මණ්ඩලය යටතේ පාලනය වන රාගම රණවිරු සෙවණ හි සේවය කරනු ලබන අතර ඔහු ජාතික දෘෂ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායමේ උප නායකත්වය මෙන්ම රණවිරු සේවා ක්‍රිඩා සමාජයේ දෘෂ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය ද දරනු ලබයි.
දෘෂ්‍යාබාධිත ක්‍රිකට් ක්‍රිඩක මාණ්ඩලික සැරයන් ජේ.පි.ඩි. රවින්ද්‍ර 2009 වසරේ මානුෂිය මෙහෙයුම් සමයේ පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ දි එල්ටිටිඊ ත්‍රස්ථවාදින් විසින් එල්ල කරන ලද මෝටාර් ප්‍රහාරයක් හේතුවෙන් සිය දෙනෙත් අහිමි විය.
නිවාස හා ඉදිකිරිම් අමාත්‍යාංශය තුල පැවති මෙම අවස්ථාව සඳහා අමාත්‍යාංශ නිලධාරින්, යුද්ධ හමුදා පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ශාන්ත තිරුනාවුකරසු සහ යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙක් ද එක්ව සිටින ලදී.
jordan release date | Nike News