Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

09th January 2020 15:30:46 Hours

නිලධාරි ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානය ‘තුරු මිතුරු නව රටක්’ ව්‍යාපෘතිය සමඟ එක්වෙයි

යුද්ධ හමුදාව මේ වනවිට ක්‍රියාත්මක කරනු ලබන ‘තුරු මිතුරු නව රටක්’ ව්‍යාපෘතියට සමගාමීව බුත්තල පිහිටි නිලධාරී ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථාන පරිශ්‍රයේ ඉකුත් සඳුදා (06) දින විශේෂ වර්ගයේ පැළ 100 ක් රෝපණය කරනු ලැබීය.

එම පරිශ්‍රය වඩාත් හරිත හා ආකර්ශනීය පෙනුමක් ඇති කිරීමේ අරමුණින් එහි සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් කඳවුරු පරිශ්‍රයට මීටර් 500 ක් දුරින් එම පැළ රෝපණය කළහ.

මෙම රුක් රෝපණ වැඩසටහනට නිලධාරී ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ සේනාවිධායක මේජර් ජෙනරාල් ජයනාත් ජයවීර, නියෝජ්‍ය සේනාවිධායක, ප්‍රධාන උපදේශක, අණදෙන නිලධාරී, ජ්‍යෙෂ්ඨ උපදේශකවරුන්, නිලධාරීන් සහ සෙසුනිලයින් රැසක් සහභාගි වූහ. Sports Shoes | M2k Tekno