Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

11th May 2020 08:12:08 Hours

නිරෝධායන කටයුතු සම්පූර්ණ කළ තවත් පුද්ගලයින් 604 දෙනෙකු සිය නිවෙස් කරා පිටත් වෙති

යුද්ධ හමුදාව විසින් මෙහෙයවනු ලබන පූනානි නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන කටයුතු සම්පූර්ණ කළ පුද්ගලයින් 65 ක්, කුරුණෑගල ලයිසියම් නිරෝධායන මධ්‍යස්ථානයේ 33ක්, විඩත්තපලෙයි නිරෝධායන මධ්‍යස්ථානයේ 60 ක්, අයියකච්චි නිරෝධායන මධ්‍යස්ථානයේ 160 ක්, හේකිත්ත නිරෝධායන මධ්‍යස්ථානයේ 01 ක්, හොටෙල් ඩොල්ෆින් නිරෝධායන මධ්‍යස්ථානයේ 29 සහ ගුවන් හමුදාව විසින් මෙහෙයවනු ලබන මුලතිව් නිරෝධායන මධ්‍යස්ථානයේ පුද්ගලයින් 256 ක් ඇතුළු පුද්ගලයින් 604 දෙනෙකු සති තුනක නිරෝධායන ක්‍රියාවලියකින් පසු PCR පරික්‍ෂණ පැවැත්වීමෙන් අනතුරුව නිරෝධායන සහතික ලබා සිය නිවෙස් කරා පිටත් කර යැවූ අද (10) දින අදාළ වෛද්‍ය උපදෙස් හා නිරෝධායන සහතිකපත් ලබාගැනීමෙන් අනතුරුව සිය නිවෙස් බලා පිටත් වූහ.

යුද්ධ හමුදා සාමාජිකයන් විසින් මාතර, කොළඹ, ගාල්ල, කුරුණෑගල සහ බේරුවල යන ප්‍රදේශයන්හී පිහිටි තම නිවෙස් බලා පිටත් වූ නිරෝධායන කටයුතු සම්පූර්ණ කළ එම පිරිසට ප්‍රවාහන පහසුකම් ලබාදුන් අතර, නිරෝධායන කටයුතු සම්පූර්ණ කර පිටත්ව යන පිරිසට සමුදීම සඳහා අදාළ නීරෝධායන මධ්‍යස්ථානයන්හී අණදෙන නිලධාරීන් පැමිණ සිටියහ. Adidas footwear | Nike Shoes