Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

06th February 2017 09:17:45 Hours

නිදහස් දිනයට සමගාමීව බටහිර ආරක්ෂක සේනා මුලස්ථානයේ භට පිරිස් පනාගොඩ පාසල් පරිශ්‍රය පිරිසිදු කරයි

69 වන නිදහස් දින උත්සවයට සමගාමීව බටහිර ආරක්ෂක සේනා මුලස්ථානය විසින් පනාගොඩ ශ්‍රී පරාක්‍රම මහා විද්‍යාල පරිශ්‍රය පිරිසුදු කිරිමේ‘ශ්‍රමදාන’ වැඩසටහනක් සිකුරාදා (3) දින පවත්වන ලදි.

එම පාසලේ විදුහල්පති විසින් බටහිර ආරක්ෂක සේනා ආඥාපති වෙත කළ ඉල්ලිමකට ප්‍රතිචාරයක් ලෙස මෙම ‘ශ්‍රමදාන’ වැඩසටහන සංවිධානය කළහ.

මේ සඳහා 14 වන සේනාංකය, ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව, ශ්‍රී ලංකා සංඥා බලකාය, ශ්‍රී ලංකා පාබල හමුදාව හා ශ්‍රී ලංකා යුද හමුදා සේවා බලකාය හී සෙසු නිලයින් 58 ක් මේ සඳහා සහභාගි වුහ.

අනතුරුව, පාසල් භූමිය පිරිසිදු කිරීම සඳහා ලබාදුන් දායකත්වය අගයමින් යුද හමුදාපති සහ යුද හමුදාවේ සියලු සාමාජිකයින් වෙත, ගුරුවරුන් හා පාසල් ළමුන් වෙනුවෙන් විදුහල්පති විසින් සිය ස්තුතිය පුද කර සිටියහ.

Sports News | Nike for Men