Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

09th November 2016 15:17:11 Hours

නික්ම යන වන්නි ආඥාපතිතුමා වෙත සිවිල් වැසියන්ගෙන් සුභ පැතුම්

සිව් වසරකට අධික කාලයක් වන්නි ආරක්ෂක සේනා ආඥාපති ධූරය හෙඹවා සිය ධූරයෙන් නික්ම යන මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරා වෙනුවෙන් පසුගිය සතියෙහි වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ මෙන්ම බෝගස්වැව සහ වෙහෙරතැන්න හිදී ද සමුගැනීමේ උත්සවයන් සංවිධානය කර තිබුණි.

ඒ අනුව නැවත පදිංචි කරනු ලැබූ බෝගස්වැව, වෙහෙරතැන්න, නාමල්ගම සහ අනෙකුත් ප්‍රදේශයන්හි සිවිල් වැසියන් විසින්, ආඥාපතිතුමා විසින් සිය සේවා කාලය තුල සිදු කරනු ලැබූ වැඩසටහන් අගය කරමින් අඟහරුවාදා (1) දින පැවැත්වු සුභ පැතුම් උත්සවයේ දී ආඥාපතිතුමා ඉතා උණුසුම් අයුරින් පිළිගන එතුමා වෙත ජය ප්‍රාර්ථනා කරන ලදි.

එමෙන්ම බ්‍රහස්පතින්දා (3) දින මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරා විසින් වන්නි ආරක්ෂක සේනා එම මූලස්ථාන පරිශ්‍රයේ නවතමයෙන් ඉදිකරනු ලැබූ වොලිබෝල් ක්‍රීඩා සංකීර්ණය විවෘත කරන ලදි. ඔහු කළ එම සේවය ඇගයීමක් ලෙස ‘Major General Boniface Perera Integrated Sports Entertainment and Facility Complex’ ලෙස එය නම් කරන ලදි. එහිදී ආගමික වතාවත් සිදු කරමින් එම ව්‍යාපෘතියට ආශිර්වාද පැතීම ද සිදු කළහ.

මෙම නව ක්‍රීඩා සංකීර්ණය වොලිබෝල් ක්‍රීඩාපිටියක්, දැල්පන්දු ක්‍රීඩාපිටියක්, ප්‍රේක්ෂකාගාරයක්, විවේකාගාරයක්, ආපන ශාලාවක්, විනෝද කලාපයක්, පෙර සූදානම් පෙදෙසක් සහ අනෙකුත් පහසුකම් වලින් සමන්විතය.

තවද, නික්ම යන වන්නි ආරක්ෂක සේනා ආඥාපති වෙත සුභ පැතීමට සුලුබුලුවැව ගම්මානයේ සිවිල් වැසියන් විශාල පිරිසක් ද වන්නි ආරාක්ෂක සේනා මුලස්ථානය වෙත පැමිණෙන ලදි. මහා සංඝයා විසින් මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරාගේ අනාගත අපේක්ෂාවන් වෙනුවෙන් ආශිර්වාද පැතීම ද මෙහිදි සිදු කෙරිනි.

Sneakers Store | Air Jordan XXX1 31 Colors, Release Dates, Photos , Gov