Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

20th April 2018 21:57:48 Hours

නික්මයන ස්විට්සර්ලන්ත තානාපති යුද්ධ හමුදා මූලස්ථානයේ සංචාරයක

ස්විට්සර්ලන්ත තනාපති ගරු හෙයින්ස් වෝකර් - නේදර්කොන් මහතා (HE Heinz Walker – Nederkoorn) සමඟින් ස්විට්සර්ලන්ත තනාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක කර්නල් ජෙනරාල් මාණ්ඩලික ක්‍රිස්ටෝෆ් ගර්ට්ස්ච් (Colonel General Staff Christof Gertsch) සිකුරාදා (20) දින මධ්‍යහනයේ යුද්ධ හමුදා මූලස්ථානයේ දී යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු හමුවිය.

නේදර්කොන් මහතා, ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති වශයෙන් රාජකාරි සිදු කල නිළ කාලසීමාව අවසන්වීමෙන් පසු යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි හමුවිමට යුද්ධ හමුදා මූලස්ථානයට පැමිණි අතර, නවතමයෙන් ස්විට්සර්ලන්ත තනාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක ලෙස රාජකාරි භාරගැනීමට නියමිත කර්නල් ජෙනරාල් මාණ්ඩලික ක්‍රිස්ටෝෆ් ගර්ට්ස්ච් (Colonel General Staff Christof Gertsch) ද ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි වෙත මෙහිදී හඳුන්වාදෙනු ලැබීය.

යුද්ධ හමුදාධිපතිතුමන් නියෝජනය කරමින් යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු විසින් මෙම සුහද හමුව සඳහා පැමිණි නියෝජිතයින් උණුසුම් අයුරින් පිළිගත් අතර එහිදි සාමසාධක රාජකාරි හා සම්බන්ධව ජාත්‍යන්තර මෙහෙයුම් කටයුතු කළමනාකරණය කරගැනීම සඳහා මෑතකදී ස්ථාපීත කරන ලද විදේශීය මෙහෙයුම් අධ්‍යක්ෂ මණ්ඩලය පිළිබඳ විශේෂ අවධානයක් යොමු කෙරිණි.

ස්විට්සර්ලන්ත තානාපතිතුමන් සිය නිළ කාලසීමාව තුල ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට ලබාදුන් සහයෝගය සහ සාමසාධක රාජකාරි සඳහා භට පිරිස් යෙදවීමට දැක්වූ දායකත්වය වෙනුවෙන් මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු විසින් සිය ස්තුතිය පුද කළහ.

මෙම සුහද හමුවේ දී යුද්ධ හමුදාව තුල නව ව්‍යුහයන් ස්ථාපිත කිරීම සහ එමඟින් දිගු කාලීනව ප්‍රතිලාභ ලැබීය හැකි ආකාරය පිළිබඳවත් වැඩිදුරටත් සාකච්ඡා කළහ.

Running sports | adidas poccnr jumper dress pants size