Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

22nd November 2019 14:15:55 Hours

නික්මයන වන්නි ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන්ට එම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ භටපිරිස් හි ගෞරවාචාරය

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නව බලසේනාධිපති ලෙස රාජකාරී භාරගැනීම සඳහා වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති ධුරයෙන් මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන පසුගිය බදාදා (20) දින නික්ම යන ලදී.

නික්මයන ආඥාපතිතුමන් වෙත වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයේදී යුද්ධ හමුදා සම්ප්‍රදායානූකූල කදවුරු සම්මාන මුරයක් සහ සම්මාන ආචාර පෙළපාලියක් 8 වන ඉංජිනේරු බලකායේ භටපිරිසක් විසින් පිරිනමනු ලැබීය.

නික්මයන වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන සම්මාන ආචාර පෙළපාලිය නිරික්‍ෂණය කිරිමට ප්‍රථමයෙන් වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ රණවිරු ස්මාරකය වෙත මියගිය රණවිරුවන්ට පුෂ්පෝපහාර දැක්වීය. අනතුරුව සරඹ භූමීයේ පැවති ගෞරව සම්මාන ආචාර පෙළපායට සහභාගී වීමෙන් පසු එතුමන් වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සෙසුනිල භෝජනාගාරයේ පැවති ‘මී වදන ගී’ සැදැවත් සමගින් සූදානම් කර තිබු සියළු නිල තේපැන් සංග්‍රහය භුක්ති විදිමට එක් වූහ.

ඉන් අනතුරුව නික්ම යන ආඥාපතිතුමන් වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සියළු භට පිරිස් අමතමින්, සිය ධුර කාලය තුළ තමාට ලබා දුන් සහයෝගය පිළිබඳව සියලු නිලයන්ට සිය ස්තූතිය පුද කළේය. පසුව මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධනගේ මාර්ගෝපදේශණය යටතේ සංවිධානය කරන ලද අන්තර් සේනාංක රචනා තරඟයේ ජයග්‍රාහකයන්ට තෑගි ප්‍රදානය කළේය.

අවසාන වශයෙන්, නික්මයන ආඥාපතිතුමන් සියළුම නිලධාරීන්ගේ සහ යුද්ධ හමුදා සාමාජිකයින්ගේ අනාගත බලාපොරොත්තු වෙනුවෙන් සුභ පතමින් වීදි දෙපස රැදි සිටි යුද්ධ හමුදා සාමාජිකයින්ගේ ගෞරවාචාර මධ්‍යයේ නික්ම ගියහ.

එතුමන්ගේ නික්මයෑමේ උත්සව අවස්ථාව සඳහා වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත සේනාංකයන්හි සේනාංකාධිපතිවරුන්, බලසේනාධිපතිවරුන්, ඒකක අණදෙන නිලධාරීන් ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.  

වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයෙන් නික්මයෑම සනිටුහන් කිරීම වෙනුවෙන් මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන 54, 61 සහ 62 සේනාංකයන්හී සංචාරයක නිරතවූ අතර එහිදී එතුමන්ට යුද්ධ හමුදා සම්ප්‍රදායානූකූල ආචාරයන් පිරිනමනු ලැබීය.

54 වන සේනාංකය වෙත සපැමිණි නික්මයන ආඥාපතිතුමන් 54 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ඒ.ඒඅයි.ජේ බණ්ඩාර විසින් උණුසුම් අයුරින් පිළිගැනිමෙන් අනතුරුව එම සේනාංකයේ පිවිසුම් දොරටුව අභියසදී කඳවුරු සම්මාන මුරයක ගෞරවාචාරය එතුමන් වෙත පිළිගන්වනු ලැබිය. අනතුරුව නික්මයන ආඥාපතිතුමන් 54 වන සේනාංකයේ භටපිරිස් ඇමතු අතර පසුව සූදානම් කර තිබු සියළු නිළ තේපැන් සංග්‍රයට ද සහභාගී වූහ.

එදිනම එතුමන් 61 වන සේනාංක මූලස්ථානයේ ද සංචාරයක නිරත වූ අතර එහිදි 61 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ආර්.කේ.බී.එස්. කැටකුඹුර විසින් එතුමන්ව උණුසුම් අයුරින් පිළිගැනිමෙන් අනතුරුව 61 වන සේනාංකයේ භටපිරිස් ඇමතීමට නික්මයන ආඥාපතිතුමන් වෙත ආරාධනා කළේය. පසුව එම සේනාංකයේ සියළු නිලයින් සමඟ එතුමන් සුදානම් කර තිබු තේපැන් සංග්‍රහය භූක්ති වින්දේය.

එම සංචාරය අවසන් කර ආපසු පැමිනෙන අතරවාරයේ නික්මයන වන්නි ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් දිනයේ අවසන් සංචාරය ලෙස 62 වන සේනාංක මූලස්ථානය වෙත සපැමිණි අතර එහිදි එතුමන්ව 62 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ධම්මික ජයසිංහ විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. 

එසේම, එතුමන් ඉකුත් ඉරිදා (17) දින ඉදිරි නඩත්තු පෙදෙස (උතුරු මැද) සහ 56, 21, 62 යන සේනාංක වෙත ගොස් ඔවුන් සියලු දෙනාට ද සමු දුන්නේය.  

එම සංචාරයේදී 56 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ජාලිය සේනාරත්න සහ 21 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කුමා ජයපතිරන විසින් එම සේනාංකයන්හීදී නික්මයන ආඥාපතිතුමන්ව උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. දිනයේ වැඩසටහන නිමාකරමින් ඉදිරි නඩත්තු ප්‍රදේශ (උතුරු මැද) වෙත සපැමිණි එතුමන්ව ඉදිරි නඩත්තු පෙදෙස (උතුරු මැද) ආඥාපති මේජර් ජෙනරාල් රසික කරුණාතිලක විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.   

එතුමන්ගේ නික්මයෑමෙන් අනතුරුව මේජර් ජෙනරාල් ඒ.එම්.ආර් ධර්මසිරි වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති ලෙස නව ධූරයේ රාජකාරී භාරගැනිමට නියමිතය.

නික්මයන වන්නි ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන්ගේ සමුගැනීමේ උත්සව අවස්ථාවන් සඳහා එම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත සියළුම සේනාංකයන්හී සේනාංකාධිපතිවරුන්, බලසේනාධිපතිවරුන්, ඒකක අණදෙන නිලධාරීන් ඇතුළු නිලධාරීන් සහ යුද්ධ හමුදා සාමාජිකයින් මෙන්ම සිවිල් සේවක මණ්ඩලයේ සාමාජිකයින් විශාල පිරිසක් සහභාගී විය.short url link | Nike Shoes