25th November 2019 14:00:27 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බලසේනාවේ වසර 34 කට අධික සේවා කාලයක් සම්පූර්ණ කර තම මව්බිම වෙනුවෙන් අමිල මෙහෙවරක් ඉටු කරමින් යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම යෑමට නියමිත ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන මේජර් ජෙනරාල් කපිල බණ්ඩාර උදළුපොල වෙනුවෙන් එම රෙජිමේන්තු මූලස්ථානයේදී ඉකුත් සිකුරාදා (22) දින සමුගැනිමේ උත්සවයක් පැවැත්විණි. එහිදි එතුමන් හමුදා සම්ප්‍රදායානූකූල ගෞරවාචාර මධ්‍යයේ යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම යනු ලැබීය.
ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තු මූලස්ථානය වෙත සපැමිණි මේජර් ජෙනරාල් කපිල බණ්ඩාර උදලුපොල වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් පිරිනැමීමෙන් අනතුරුව මව්බිම වෙනුවෙන් දිවිපිදු විරෝධාර රණවිරුවන් සිහිපත් කරමින් රෙජිමේන්තු මූලස්ථානයේ ඉදිකර ඇති රණවිරු ස්මාරකය වෙත එතුමන් පූෂ්පෝපහාර පුද කරන ලදී. ඉන් අනතුරුව, බළලත් නිලධාරි සහ සැරයන් නිවස්නයේ පැවති තේ පැන් සංග්‍රහයට සහභාගී විය.
එදින සන්ද්‍යාවේදී, නික්ම යන ජ්‍යෙෂ්ඨ නිලධාරි මේජර් ජෙනරාල් කපිල බණ්ඩාර උදළුපොල හට ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ නිලධාරින් විසින් රාත්‍රී භෝජන සංග්‍රහයක් ද පිරිනැමීය. අනතුරුව එතුමන් සිය ධුර කාලය තුළ තමාට ලබාදුන් සහයෝගය වෙනුවෙන් නිලධාරීන්ට සහ යුද්ධ හමුදා සාමාජිකයින්ට සිය ස්තූතිය පුද කළහ.
මෙම නික්මයාමේ රාත්‍රී භෝජන සංග්‍රහය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් මෙන්ම ඔවුන්ගේ භාර්යාවන් ද සහභාගී විය. latest Nike release | Air Jordan