Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

25th January 2018 00:40:24 Hours

නික්මයන බටහිර ආරක්ෂක සේනා ආඥාපති වෙත හමුදා ආචාර

බටහිර ආරක්ෂක සේනා ආඥාපති වශයෙන් රාජකාරි කර විශ්‍රාම යන මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ යුද්ධ හමුදා සේවයෙන් විශ්‍රාම ගැනීමට ප්‍රථමයෙන් බදාදා (24) දින එම ධුරයෙන් සමුගැනීමේ නිල උත්සවයක් පනාගොඩ බටහිර ආරක්ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයේ දී පැවැත්විණි.

මෙම අවස්ථාවට සපැමිණි මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ, බටහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් ජිනෙන්ද්‍ර තන්තිරිවත්ත විසින් උණුසම් අයුරින් පිළිගත් අතර, බටහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ භට පිරිස් විසින් හමුදා සම්ප්‍රදායනුකූලව කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන ආචාර පෙළපාලියක් පිරිනමනු ලැබීය.

සම්මාන ආචාර පෙළපාලියෙන් අනතුරුව නික්මයන බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ සිය සමුගැනීමේ දේශණයේදී බටහිර ආරක්ෂක සේනා ආඥාපති වශයෙන් රාජකාරි කල කාලසීමාවේදි භට පිරිස් ලබාදුන් සහයෝගය ඇගයීය.

වැඩිදුරටත් භට පිරිස් අමතමින් යුද්ධ හමුදාව සහ මාතෘ භූමිය වෙනුවෙන් කැපවීමෙන් සහ විනයගරුකව රාජකාරි ඉටු කරන ලෙසත් ඉල්ලා සිටියේය.

නික්මයන බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ එම මූලස්ථානයේ පැවති තේ පැන් සංග්‍රහයකටද සහභාගි වූ අතර, ඉන් අනතුරුව සමුහ ඡායාරූපයකට ද පෙනි සිටියහ.

Best Nike Sneakers | Top Quality adidas Yeezy 700 V3 "Eremiel" GY0189 , Ietp