Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

25th April 2017 17:42:37 Hours

නික්මයන බංගලාදේශ ආරක්ෂක උපදේශක යාපනය සහ කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානයන් හී සංචාරයක

ශ්‍රී ලංකාවේ බංගලාදේශ මහා කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කොමදොරු එස් අසලාම් පර්වේස් තම සේවා කාලය නිමාවෙන් පසු සියරට බලා යාමට ප්‍රථම සිකුරාදා (21) දින යාපනය සහ කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානයන් හී සංචාරයක නිරත විය.

යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය වෙත පැමිණි බංගලාදේශ ආරක්ෂක උපදේශකවරයා එහි ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි විසින් පිළිගත් අතර අනතුරුව ඔවුන් ද්විපාර්ශිය වැදගත් කරණු පිළිබඳව සහ යාපනය අර්ධද්විපයේ ජන ජිවිතය නංවාලිම වෙනුවෙන් සිදු කරනු ලබන වැඩසටහන් පිළිබඳව අදහස් හුවමාරු කරගනු ලැබුහ.

මෙම හමුව අවසානයේ ඔවුන් අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු විය.

එමෙන්ම නික්මයන බංගලාදේශ ආරක්ෂක උපදේශකවරයා කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානයේ සංචාරයක නිරතවු අතර එම ආරක්ෂක සේනා මුලස්ථාන ආඥාපතිවරයා නියෝජනය කරමින් එහි බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් ජගත් රත්නායක විසින් එතුමා පිළිගත් අතර එහිදි ද්විපාර්ශිය වශයෙන් වැදගත් වන කරුණු පිළිබඳව සාකච්ඡා කරනු ලැබිය.

මෙම සුහද හමුව අවසානයේ දී බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික විසින් ආරක්ෂක උපදේශකවරයා වෙත සමරු තිළිණයක් ප්‍රදානය කළ අතර, එම මුලස්ථාන සමරු පොතේහි ද අත්සන් තබන ලෙස ආරාධනා කරනු ලැබිය.

Running sneakers | Air Jordan 1 Hyper Royal 555088-402 Release Date - SBD