Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

17th July 2017 20:36:30 Hours

නික්මයන කැනඩා මහා කොමසාරිස් යාපනය ආරක්ෂක සේනා ආඥාපති හමුවේ

නික්මයන කැනඩා මහා කොමසාරිස් ගරු ෂෙලී වීටින් මැතිණිය, අඟහරුවාදා (11) දින යාපනය අර්ධද්වීපයේ සිදු කළ සංචාරය අතරතුරදි යාපනය ආරක්ෂක සේනා මුලස්ථානයේ දී එහි ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි හමුවිය.

මෙහිදි ආඥාපතිවරයා විසින් යාපනය අර්ධද්වීපයේ පවත්නා ආරක්ෂක තත්වය, පශ්චාත් යුධ සමයේ දී අභියෝගයන් සහ හමුදා සම්බන්ධතා ගොඩනැගිම සබැඳිව කැනඩා මහා කොමසාරිස්වරිය දැනුවත් කළ අතර, කැනේඩියානු ආධාර මගින් උතුරු නැගෙනහිර ප්‍රදේශයන්හි සිදු කරනු ලබන සංවර්ධන කටයුතු පිළිබඳව ද මෙහිදි සාකච්ඡා කරනු ලැබීය.

මෙම සුහද හමුව අවසානයේ දී සුහදත්වය සහ හොඳහිත වර්ධනය කිරීමේ අරමුණින් යුතුව යාපනය ආරක්ෂක සේනා ආඥාපතිවරයා විසින් කැනේඩියානු මහා කොමසාරිස්වරිය වෙත සමරු තිළිණයක් ද පිරිනමනු ලැබීය.

Asics footwear | Women's Nike Air Max 270 trainers - Latest Releases