Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

08th March 2020 14:35:16 Hours

නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති පරිපාලනමය කරුණු පිළිබද විමර්ශණය කිරිම සඳහා ඉදිරි නඩත්තු පෙදෙස (නැගෙනහිර) ආශ්‍රිත සංචාරයක නියැළෙයි

නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රසික ප්‍රනාන්දු ඉදිරි නඩත්තු ප්‍රදේශ (නැගෙනහිර) මූලස්ථානය වෙත ඉකුත් බදාදා (4) දින සිය දෙවන නිල සංචාරය සිදු කළේය.

ඉදිරි නඩත්තු පෙදෙස (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් භානුක රන්දෙනිය විසින් එම මූලස්ථානය වෙත සපැමිණි නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන්ව උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. අනතුරුව එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානූකූල කඳවුරු සම්මාන මුරයක් පිළිගන්වනු ලැබීය. ඉන් අනතුරුව, නැගෙනහිර ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස (නැගෙනහිර) නිලධාරීන් සමඟ සාකච්ඡාවක් පැවැත්වූ අතර එහිදී පරිපාලන අංශ, මෙහෙයුම් අවශ්‍යතා, සුභසාධන ක්‍රියාමාර්ග සහ යුද්ධ හමුදා සාමාජිකයින්ගේ අවශ්‍යතා සම්බන්ධ කරුණු පිළිබඳ සාකච්ඡා කළහ.

මෙම අවස්ථාව සංකේතවත් කරමින් නැගෙනහිර ආඥාපති එම මූලස්ථාන පරිශ්‍රයේ අඹ පැළයක් රෝපණය කිරිම ද මෙහිදී සිදුවිය.

පසුව, ආඥාපතිතුමන් 3 වන ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලඇණියට වෙත පැමිණි අතර එහිදි එම ඒකකයේ අණදෙන නිලධාරි මේජර් කෝලිත අල්මේදා විසින් එතුමන්ව සාදරයෙන් පිළිගනු ලැබීය. අනතුරුව භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානූකූල කදවුරු සම්මාන මුරයක් එතුමන් වෙත පිළිගන්වනු ලැබීය.

අනතුරුව භටපිරිස් ඇමතු එතුමන් සියලු නිලයන් තුළ විනය ඉහළම මට්ටමකින් පවත්වා ගැනීම හා අඛණ්ඩ පුහුණුවීම් සහ නිවැරදිව රාජකාරී කිරිමේ වැදගත්කම පිළිබඳව කරුණු අවධාරණය කළේය. නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති අමුත්තන් සඳහා වූ සමරු සටහන් පොතේ සමරුසටහනක් ද තැබීමත් සමඟ එදිනට නියමිත වැඩසටහන නිමාවට පත්විය. latest jordan Sneakers | Nike