Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th January 2020 15:50:40 Hours

නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් ආගමික උත්සවයන්ට සහභාගී වේ

පච්චනූර් හි කොට්ටියරමුල්ල රජ මහා විහාරයේ (ගල් කන්ද විහාරය) හි විහාර සංවර්ධන පදනමේ සභාපති මහාචාර්ය කපිල ගුණවර්ධන මහතාගේ ආරාධනයෙන් නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රසික ප්‍රනාන්දු විසින් ඉකුත් සිකුරාදා (10) දින විහාරස්ථානයේ නව බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කර යෝජිත ‘දාගැබ’ සඳහා මුල්ගල් තබන ලදී.

මෙම උත්සවය සඳහා සේරුවිල මංගල රජ මහා විහාරයේ විහාරාධිපති පුජ්‍ය මුංහේනේ මෙත්තාරාම හිමියන්, සේරුවිල පච්චනූර් කොට්ටියාරම්මුල රජමහා විහාරයේ වත්මන් විහාරාධිපති පුජ්‍ය බලල්ලේ රත්නසාර හිමියන්, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ගරු අනුරාධ යහම්පත් මහතා, 22 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් අතුල මාරසිංහ, 223 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ප්‍රසන්න එදිරිවීර, 222 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් විරාජ් විමලසේන ඇතුළු බැතිමතුන් විශාල පිරිසක් සහභාගි වුහ.

එලෙසම, නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති ඉකුත් සෙනසුරාදා (11) දින සේරුවාවිල මංගල රජ මහා විහාරයේ සංචාරයක නිරතවු අතර, එහිදි එම විහාරස්ථානයේ වත්මන් විහාරාධිපති පූජ්‍ය මුංහේනේ මෙත්තාරාම හිමියන්ගේ ආශිර්වාදය ලබා ගත්තේය. එම අවස්ථාවේදි විහාරාධිපති හිමියන් විසින් නව පත්වීම වෙනුවෙන් ආශිර්වාද එක් කළහ. latest jordan Sneakers | Men’s shoes