Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

11th September 2016 18:31:45 Hours

නැගෙනහිර ආරක්ෂක සේනා භඨ පිරිස් තම සංගිතමය හැකියාවන් ප්‍රදර්ශණය කරයි

නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපතිගේ උපදෙස් මත අගෝස්තු මස 30 වන දින වාර්ෂිකව පවත්වනු ලබන සංගිතමය වැඩසටහනක් මනම්පිටියේ පිහිටි ප්‍රතිභා ශාලාවේ දි පැවත්වු අතර එමගින් ප්‍රදේශයේ සේවයේ නියුතු භඨ පිරිස් වල සතුට සහ මානසික මට්ටම ඉහල නැංවිම සදහා අවස්ථාවක් ලබාදෙන ලදි. නැගෙනහිර විරු තරු රැයක් නමින් හැදුන්වු මෙම වැඩසටහනේ ජනප්‍රිය, පැරණි සහ නව ගීත මෙන්ම දමිල ගීත ද ගයනා කරනු ලැබිය. මෙම වැඩසටහන මගින් නැගෙනහිර ආරක්ෂක සේනා බලප්‍රදේශයේ සේවයේ නියුතු අයගේ දක්ෂතා එළි දැක්විම සදහා වේදිකාවක් නිර්මාණය විය. සැන්දාවේ පැවැති විවිධ ප්‍රසංගයේ දි පාබල සෙබලෙකුගේ ජිවිත කථාව සෞන්දර්යාත්මකව නිරූපනය කල අතර අවසානයේදි වේදිකාවට පැමිණි භාතිය ජයකොඩි දැකිමෙන් නරඹන්නන් විශ්මයට පත් විය.Nike Sneakers | adidas Ultra Boost 1.0 DNA ZX 9000 Mint - Grailify