Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

22nd November 2019 14:10:55 Hours

නැගෙනහිර ආඥාපතිතුමන් බලප්‍රදේශය තුළ ක්‍ෂේත්‍ර සංචාරයක

නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ නව ආඥාපති මේජර් ජෙනරාල් රසික ප්‍රනාන්දු ඉකුත් සඳුදා (18) දින කන්දකාඩු සහ සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානය ඇතුළුව නැගෙනහිර ප්‍රදේශයේ ක්‍ෂේත්‍ර චාරිකාවක නිරත විය.

එහිදි එතුමන් පුනරුත්ථාපන කඳවුරේ සිටින තරුණ රැඳවියන්ගේ අවශ්‍යතාවයන් පිළිබඳ කරුණු විමසමින් ඉදිරියේදී ඔවුනට අවශ්‍ය වැඩසටහන් පැවැත්වීම පිළිබඳව අවශ්‍ය කරුණු විමසා සිටියේය.

මේජර් ජෙනරාල් රසික ප්‍රනාන්දු රැදවියන්ගේ දුක්ගැනවිලි වලට සවන්දෙමින් ඒ අතර සිටි ඇතැමෙක් අහම්බෙන් වැරදිකරුවන් වූයේ කෙසේදැයි යන්න එතුමන්ගේ අවධානය යොමු විය. අනතුරුව එම රැඳවියන්ගේ අධ්‍යාත්මික සංවර්ධනයේ වැදගත්කම පිළිබඳව පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂවරුන් සහ අනෙකුත් නිලධාරීන්ට කරුණු පැහැදිලි කරමින් රැඳවියන්ගේ පවතින පහසුකම් පිළිබඳව තවදුරටත් සොයා බලන ලෙසට බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.

ඊට අමතරව නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් දිඹුලාගල අරන්‍ය සේනාසනයේ වත්මන් ප්‍රධාන සංඝනායක මිල්ලානේ සිරියලංකාර හිමියන් වැඳපුදා සුහඳ පිළිසඳරක නිරත වූහ. අනතුරුව පොලොන්නරු දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක අබේවර්ධන මහතා සමඟ ඉකුත් බදාදා (20) දින පොලොන්නරු දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සුහඳ සාකච්ඡාවක් පැවැත් වූ අතර එහිදි අඥාපතිතුමන් ජාතික කරුණු සම්බන්ධයෙන් සහ නැගෙනහිර පළාතට අදාළ ආගමික වැදගත්කම යන කරුණු පිළිබඳ ඔහු සමඟින් අදහස් හුවමාරු කර ගත්තේය.

දිස්ත්‍රික් ලේකම් සමඟ පැවති සුහඳ සාකච්ඡාව අතරතුර රජයේ බලධාරීන් සහ නැගෙනහිර ආරක්ෂක හමුදා අතර ඵලදායී සන්නිවේදනයක් හා සමීප සම්බන්ධතාවයන් පැවැත්වීමේ අවශ්‍යතාව පිළිඳ සංචාරයේ නිරත වූ ආඥාපතිතුමන් එහිදි කරුණු අවධාරණය කළේය.Nike sneakers | New Jordans – Air Jordan 2021 Release Dates , Gov