Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

21st December 2016 11:51:55 Hours

නැගෙනහිර ආඥාපති තම බලප්‍රදේශයේ සංචාරයක

නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශණ හෙට්ටිආරච්චි ඔහුගේ පළමු නිල සංචාරය තුලදී ඉදිරි නඩත්තු පෙදෙස -නැගෙනහිර, මින්නේරිය පිහිටි 3 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තු මූලස්ථානය සහ හබරන පිහිටි 5 වන ශ්‍රී ලංකා යුද හමුදා වෛද්‍ය බලකායෙහි සංචාරයක නිරත විය.

.

එහිදී නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපතිවරයා ඉදිරි නඩත්තු පෙදෙස -නැගෙනහිර වෙත පැමිණි අවස්ථාවේ දී එහි ආඥාපති මේජර් ජෙනරාල් එම් මුදන්නායක විසින් පිළිගත් අතර අනතුරුව කදවුරු සම්මාන ද පිරිනමනු ලැබීය.

ඔහුගේ සංචාරය සිහිගන්වමින් අඹ පැළයක් ද රෝපණය කරනු ලැබීය.

එම සංචාරය අතරතුරදී ආඥාපතිවරයා ඉදිරිනඩත්තු පෙදෙස - නැගෙනහිර භට පිරිස් ඇමතීම ද සිදු කරන ලදී.

ඉන් අනතුරුව ආඥාපතිවරයා 3 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තු මූලස්ථානය වෙත පැමිණ අතර, එහිදී එහි අණදෙන නිලධාරී විසින් එතුමා ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලදී. පසුව සියලු නිල දිවා භෝජන සංග්‍රහය සඳහා ද එක් විය.

සංචාරයෙහි අවසන් අදියරේ දී නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපතිවරයා හබරන පිහිටි 5 වන ශ්‍රී ලංකා යුද හමුදා වෛද්‍ය බලකායෙහි සංචාරයක වූ අතර, සියලු නිලයින් සමඟ තේ පැන් සංග්‍රහයකට ද එක් විය.

bridgemedia | Air Max