Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

18th July 2019 21:22:58 Hours

නාවත්කුලිය බෞද්ධ විහාරස්ථානයේ පූජනීය ධාතූන් වහන්සේලා තැන්පත් කරයි

යාපනය නාවත්කුලිය ‘කළණ මිතුරු’ ශ්‍රී සමිද්ධි සුමන විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද චෛත්‍ය රාජ්‍යාණන් වහන්සේගේ (ස්ථූපය) ධාතු තැන්පත් කිරීමේ උත්සවය ඉකුත් සෙනසුරාදා (13) දින සම්භාවනීය ආරාධිතයින් ඇතුළු බැතිමතුන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් එම විහාර පරිශ්‍රයේ දී අතී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.

එම ප්‍රදේශයේ වෙසෙන බෞද්ධ ජනතාවගේ සහ විහාරාධිපති ස්වාමීන් වහන්සේගේ ඉල්ලීමකට අනුව ‘කළණ මිතුරු දහම් සභාව’ විසින් ආරම්භ කරන ලද මෙම චෛත්‍ය රාජ්‍යාණන් වහන්සේගේ ඉදිකිරීම් කටයුතු සඳහා දිවයින පුරා දායක භවතුන් පූර්ණ අනුග්‍රහය දැක්විය.

මෙම චෛත්‍ය රාජ්‍යාණන් වහන්සේගේ ධාතූන් තැන්පත් කිරීමට ප්‍රථම, නාගදීප රජමහා විහාරස්ථානයේ සහ නාවත්කුලි ශ්‍රී සමිද්ධි සුමන විහාරස්ථානයේ විහාරාධිපතිවරුන් සහ බෞද්ධ පූජකවරුන් විසින් ආගමික වතාවත් පැවැත්වූහ.

මෙම උතුම් අවස්ථාව සඳහා යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි, උතුරු පළාත් නියෝජ්‍ය පොලිස්පති, උතුරු නාවික හමුදා අණදෙන නිලධාරි, ජ්‍යෙෂ්ඨ යුද්ධ හමුදා නිලධාරීන්, දිවයින පුරා සිටින ‘කළණ මිතුරු දහම් සභාවෙහි’ සාමාජිකයින්, යුද්ධ හමුදා සාමාජිකයින් සහ බැතිමතුන් මෙන්ම සිවිල් වැසියන් විශාල පිරිසක් ද සහභාගී වූහ. latest Nike release | Best Nike Air Max Shoes 2021 , Air Max Releases and Deals