Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

20th July 2017 10:21:46 Hours

නාවට්කුලි මහා විද්‍යාලයීය සිසුන් සඳහා පානීය ජල පහසුකම්

යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චිගේ මඟපෙන්විම යටතේ එම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 522 බලසේනාවේ භට පිරිස් විසින් නාවට්කුලි මහා විද්‍යාලයීය සිසුන් සඳහා පානීය ජල පහසුකම් සලසාදෙනු ලැබීය.

යාපනය ආරක්ෂක මූලස්ථානය මඟින් පසුගිය දා සංවිධානය කළ වෙසක් කලාපය නැරඹිම සඳහා නාවට්කුලි මහා විද්‍යාලයේ සිසුන් පැමිණි අවස්ථාවේ දී ඔවුන් විසින් පානීය ජල අවශ්‍යතාවය පිළිබඳව යාපනය ආරක්ෂක සේනා ආඥාපති වෙත කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් 522 බලසේනාවේ බලසේනාධිපති කර්නල් හරෙන්ද්‍ර පිරිස් විසින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවිය.

ඒ අනුව පාසල් පරිශ්‍රය තුල ජල ටැංකිය සහ ජල නළ පද්ධතිය එම බලසේනාවේ භට පිරිස් විසින් ඉදිකළ අතර, අයියකච්චි හි පිහිටි පානීය ජල ළිදෙන් මේ සඳහා අවශ්‍ය ජලය සම්පාදනය කිරීමට පියවර ගෙන ඇත.

මෙම පානීය ජල ව්‍යාපෘතිය සිසු අයිතියට පත් කිරීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 522 බලසේනාවේ බලසේනාධිපති සහභාගි වූ අතර, නාවට්කුලි මහා විද්‍යාලයේ විදුහල්පති එස්. පවලකුමාරන් මහතා, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ගුරුවරුන් සහ සිසුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Buy Kicks | First Look: Nike PG 5 PlayStation 5 White Pink Black BQ6472-500 Release Date - SBD