Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

20th January 2020 15:22:28 Hours

නාලන්කට්ටි විග්නේශ්වරන් පාසැලට 661 වන බලසේනාවෙන් ශ්‍රමදානයක්

පූනරින් ප්‍රදේශයේ පිහිටි නාලන්කට්ටි විග්නේශ්වරන් දමිළ මිශ්‍ර පාසලේ විදුහල්පතිතුමන් විසින් කරන ලද ඉල්ලීමකට දැක්වූ ප්‍රතිචාරයක් ලෙස ඉකුත් බදාදා (15) දින එම පාසල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ ‘ශ්‍රමදාන’ ව්‍යාපෘතියක් යුද්ධ හමුදා සාමාජිකයින් විසින් දියත් කරනු ලැබීය.

66 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් මංගල විජේසුන්දර ගේ උපදෙස් පරිදි 661 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් ශාන්ත හේවගේ ගේ අධීක්‍ෂණය යටතේ මෙම සමාජ සත්කාර ව්‍යාපෘතිය සිදුකරන ලදී.

661 වන පාබල සේනාංකයේ සහ 24 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් එම පාසලේ සිසුන් හා ගුරුවරුන් සමඟ එක්ව මෙම පාසල් පිරිසිදු කිරීමේ ව්‍යාපෘතිය සිදු කළහ. bridge media | Nike Air Zoom Pegasus 38 Colorways + Release Dates , Fitforhealth