Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

09th April 2017 11:45:24 Hours

නව 57 වන සේනාංකයේ සේනාංකාධිපති සිය ධුරයේ රාජකාරි අරඹයි

කිලිනොච්චි ප්‍රදේශයේ පිහිටි 57 වන සේනාංක මුලස්ථානයේ 10 වන සේනාංකාධිපති වශයෙන් බ්‍රිගේඩියර් එච්.ජේ.එස්. ගුණවර්ධන සිකුරාදා (06) දින සිය ධුරයේ රාජකාරි භාරගන්නා ලදී.

නව තනතුරේ රාජකාරි භාරගැනිමට පැමිණි සේනාංකාධිපතිතුමන් වෙත එම මුලස්ථානයේ දී 1 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් විසින් කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන පෙළපාලියක් පිරිනමන ලදී.

මාන්කුලම්, ශ්‍රී සුගත විහරස්ථානයේ පුජ්‍ය හිගුරන්කන්දේ සුමන ස්වාමින් වහන්සේ විසින් නව තනතුරේ රාජකාරි භාරගැනිම වෙනුවෙන් ආශීර්වාද සහ ආගමික වතාවත් සිදු කරන ලදී.

නව සේනාංකාධිපතිතුමන් විසින් මෙම අවස්ථාව සංකේතවත් කරමින් 57 වන සේනාංක මුලස්ථාන පරිශ්‍රයේ දී ‘අඹ’ පැළයක් රෝපණය කළ අතර, අවසානයේ සියලුනිලයින් සමඟ තේපැන් සංග්‍රහයකට ද සහභාගි විය.

571,572 හා 574 බලසේනාවන් හී බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරින් සහ මාණ්ඩලික නිලධාරින් ද 57 වන සේනාංකයේ පැවති මෙම අවස්ථාවට සහභාගි වුහ.

Adidas shoes | Jordan 1 Mid Tropical Twist , Where To Buy , 554724-132 , Nike Air Max 96 green Men Running Shoes