Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

18th September 2017 22:05:21 Hours

නව 55 වන සේනාංකාධිපති රාජකාරි අරඹයි

යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ වු 55 සේනාංකයේ 22 වන සේනාංකාධිපති වශයෙන් බ්‍රිගේඩියර් ජයන්ත ගුණරත්න (15) සිකුරාදා දින අභිනවයෙන් තම නව තනතුරේ රාජකාරි ආරම්භ කරන ලදී.

සේනංක මුලස්ථාන දොරටුව අභියසදි සම්ප්‍රදායනුකුල කඳවුරු සම්මාන මුරයකින් ආචාර සම්මාන ලැබු නව සේනාංකාධිපතිවරයා අනතුරුව සරඹ පිටියේ දී පැවැති යුද්ධ හමුදා ආචාර සම්මාන පෙළපාලිය පිලිගන්නා ලදී. අනතුරුව, සඳුන් පැලයක් සේනාංකය මුලස්ථාන පරිශ්‍රයේ රෝපණය කරමින් නව රාජකාරි ආරම්භ කිරීම සනීටුහන් කළහ.

බෞද්ධ භික්ෂුන් සහ හින්දු, කතෝලික සහ ඉස්ලාම් පුජකතුමන්ලා ප්‍රමුඛ කෙටි ආගමික වතාවත් සහ ආශිර්වාදයෙන් නව ධුරයේ රාජකාරි භාරගත් නව සේනාංකාධිපතිවරයා අනතුරුව, රාජකාරි ලිපි ලේඛණ කිහිපයකට අත්සන් තබමින් නිල වශයෙන් රාජකාරි කටයුතු ඇරඹීය.

ඉන් අනතුරුව, සියලු නිලයින් ඇමතු නව සේනාංකාධිපති බ්‍රිගේඩියර් ජයන්ත ගුණරත්න, තිරසාර සාමය සහ සංහිඳියාව වෙනුවෙන් තම උපරිමයෙන් සේවය කිරීමේ වැදගත්කම පිළිබඳව අවධාරණය කලහ.

සේනාංක මුලස්ථාන පරිශ්‍රයේ පැවැති සියලු නිල තේපැන් සංග්‍රයකට එක්වු නව සේනාංකාධිපති භට පිරිස සමඟ අදහස් හුවමාරු කරගත් අතර, 55 වන සේනාංකයේ නිලධාරින් සමඟ ද සුහදව හමුවි සාකච්ඡා කලහ.

Sports brands | Cactus Plant Flea Market x Nike Go Flea Collection Unveils "Japan Made" Season 4