Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

15th November 2017 18:40:48 Hours

නව 23 වන සේනාංකාධිපති රාජකාරි අරඹයි

නැගෙනහිර ආරක්ෂක මුලස්ථානය යටතේ පූනරින් ප්‍රදේශයේ ස්ථානගත 23 වන සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස බ්‍රිගේඩියර් චුලා අබේනායක චාම් උත්සවයකින් අනතුරුව එම ධුරයේ රාජකාරි භාරගනු ලැබීය.

නව සේනාංකාධිපති තුමන්, ‘සෙත් පිරිත්’ සඡ්ඡායනා මධ්‍යයේ මහා සංඝයා වහන්සේගේ ආශීර්වාදයෙන් සිය කාර්යාලයේ දී ලිපි ලේඛණ කිහිපයකට අත්සන් තබමින් නව ධුරයේ රාජකාරි භාරගැනීම සංකේතවත් කරන ලදී.

23 වන සේනාංක මුලස්ථානයේ දී නව සේනංකාධිපති බ්‍රිගේඩියර් චුලා අබේනායක වෙත හමුදා සම්ප්‍රදායානුකූලව කඳවුරු සම්මාන මුරයක් සහ ආචාර සම්මාන පෙළපාලියක් ද පිරිනමනු ලැබීය.

Running sport media | Sneakers