Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

22nd January 2016 17:59:49 Hours

නව සේනාංකාධිපති සිය ධූරයෙහි රාජකාරී අරඹයි

53 වන සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර‍ සිල්වා නව ධූරයෙහි රාජකාරී භාර ගැනීමේ උත්සවය ඉතා චාම් අයුරින් බ්‍ර‍හස්පතින්දා (21) දින දඹුල්ල ඉනමළුව එම සේනාංක මූලස්ථානයේ දී පවත්වනු ලැබීය. එහිදී මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර‍සිල්වා විසින් නව තනතුරෙහි රාජකාරී භාරගැනීම සනිටුහන් කරමින් ලිපි ලේඛනවල නිල වශයෙන් අත්සන් කරනු ලැබීය. නව ධූරයෙහි රාජකාරී භාරගැනීමේ අවස්ථාව සිහිගන්වමින් සේනාංකාධිපති විසින් පැළයක් ද රෝපණය කරනු ලදී. එහිදී නව සේනාංකාධිපතිතුමා හට 53 වන සේනාංක සෙබලුන් විසින් ආචාර සම්මාන මුරයක් ද පිරිනමනු ලැබීය. මෙම අවස්ථාව සදහා 53 වන සේනාංකය යටතේ සිටින බලසේනාධිපතිවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිළධාරීන්, අණදෙන නිළධාරීන් සහ සෙසු නිළයින් බොහෝ පිරිසක් සහභාගි වූහ.Sports Shoes | Ανδρικά Nike