Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

27th December 2023 20:16:30 Hours

නව යුධෝපකරණ සේවා අධ්‍යක්‍ෂක සිය රාජකාරි අරඹයි.

ශ්‍රී ලංකා යුද හමුදා යුධෝපකරණ බළකායේ බ්‍රිගේඩියර් බී.ආර්.ඒ ජයරත්න යූඑස්පී නව යුධෝපකරණ සේවා අධ්‍යක්‍ෂවරයා ලෙස යුද්ධ හමුදා මූලස්ථානයේදී පසුගිය බ්‍රස්පතින්දා (දෙසැම්බර් මස 21) දින රාජකාරි භාර ගන්නා ලදී.

මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ එතුමන් සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමීන් ධූරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කළේය.

එ සදහා සහභාගි වූ භික්‍ෂුන් වහන්සේ බ්‍රිගේඩියර් බී.ආර්.ඒ ජයරත්න යූඑස්පී ජ්‍යේෂ්ඨ නිලධාරී තුමන් හට නව තනතුර වෙනුවෙන් ආශිර්වාද කිරීම,අවවාද හා අනුශාසනා ලබාදෙන ලදී.

නව තනතුර භාරගැනීමේ අවස්ථාව සදහා මාණ්ඩලික නිලධාරීන් සහ සෙසු නිලයින් පිරිසක්ද සහභාගී වූහ.