Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

10th November 2019 20:31:15 Hours

නව යුද්ධ හමුදා මුලස්ථානය විවෘත කිරීමට සමගාමීව මධ්‍යම භටපිරිස් දැවැන්ත ‘ශ්‍රමදාන’ ව්‍යාපෘතියක් දියත් කරයි 

මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 111 වන බලසේනාව, 112 වන බලසේනාව සහ ඒ යටතේ ස්ථාපිත ඒකකයන් යටතේ සේවයේ නියුතු නිලධාරීන් 35 දෙනෙකු ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් 335 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත ඉකුත් සඳුදා (11) දින නල්ලතන්නියේ සිටි ශ්‍රී පාදස්ථානය දක්වා මාර්ගය පිරිසිදු කිරීමේ දැවැන්ත ශ්‍රමදාන ව්‍යාපෘතියක් දියත් කරන ලදී. මෙම ව්‍යාපෘතිය සිකුරාදා (08) දින නව යුද්ධ හමුදා මුලස්ථානය විවෘත කිරීමට සමගාමීව සිදු කෙරිණි.    

නව යුද්ධ හමුදා මූලස්ථාන විවෘත කිරීමෙන් පසුව සිදු කරන ලද දැවැන්තම ප්‍රජා ව්‍යාපෘතිය ද මෙය වේ.

මෙම ප්‍රජා ව්‍යාපෘතියේ සමාරම්භක අවස්ථාවේ ප්‍රධාන ආරාධිතයින් ලෙස මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ලක්සිරි වඩුගේ සහ 11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සෙනරත් බණ්ඩාර සහභාගි වූහ. Sneakers Store | Ανδρικά Nike