Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

10th August 2017 23:14:06 Hours

නව යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී හට සිය රෙජිමේන්තු උපහාර

ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මෙන්ම නව යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර බ්‍රහස්පතින්දා (10) දින පනාගොඩ පිහිටි ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මුලස්ථානය වෙත පැමිණි අතර, එහිදි පාබල හමුදා භට පිරිස් විසින් එතුමා වෙත සිය උපහාරය පුද කරනු ලැබුහ.

පාබල හමුදා රෙජිමේන්තු මුලස්ථානය වෙත පැමිණි නව මාණ්ඩලික ප්‍රධානීවරයා මධ්‍යස්ථාන සේනාවිධායක විසින් පිලිගැනීමෙන් අනතුරුව කඳවුරු සම්මාන මුරයක් පිරිනැමීමෙන් පසු එතුමා වෙත ‘කන්ඩුල’ හස්තියා පෙරටු කරගත් සම්මාන ආචාර පෙළපාලිය පිරිනමනු ලැබීය.

ඉන් අනතුරුව, නව මාණ්ඩලික ප්‍රධානී පාබල හමුදා රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර පුද කළ අතර, සියලු නිළ තේ පැන් සංග්‍රහයකට සහභාගි වෙමින් සමුහ ඡායාරූපයකට ද පෙනී සිටින ලදී.

bridgemedia | Nike Off-White