Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

05th July 2017 20:51:25 Hours

නව යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පළමු මාධ්‍ය සාකච්ඡාව

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 22 වන යූද්ධ හමුදාධිපති ලෙස ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක බදාදා (05) දින රාජකාරි භාරගත් විගසම, යුද්ධ හමුදාවේ ප්‍රධානියා ලෙස සිය ඉදිරි දැක්ම පිළිබඳව මාධ්‍යවේදීන් වෙත අදහස් දැක්වීම ද සිදු කෙරිනි.

නව යුද්ධ හමුදාධිපතිතුමා, එල්ටිටිඊ ත්‍රස්තවාදය පරාජය කිරීම වෙනුවෙන් තමා දැක් වූ දායකත්වය විස්තර කළ අතර, අතිගරු ජනාධිපතිතුමා තමන් පිළිබඳ දැඩි විශ්වාසයක් තබාගනීමින් මෙම තනතුර භාරදිමෙන් විශාල වගකිමක් පවරා ඇති බව ද ප්‍රකාශ කළේය. මාධ්‍යවේදින් නැගු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් නව යුද්ධ හමුදාධිපතිතුමා විනය යනු හමුදාවේ ශක්තිය බවත් එය තව තවත් වර්ධනය කළ යුතු බවත් වැඩිදුරටත් පැවසිය. තවද මාධ්‍යයන් මගින් හමුදා සාමාජිකයන්ගේ වැරදි ක්‍රියා වාර්තාකරණයේ දී ‘හමුදා සෙබලා’ ‘හමුදාවෙන් පැනගිය සෙබලා’ යන පදවලින් යුද්ධ හමුදාවේ විනය පහළ මට්ටමක පවතින බව ඉස්මතු විය හැකි බව අවධාරණය කළේය.

තවදුරටත් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් යුද්ධ හමුදාව ත්‍රස්තවාදය පරාජය කළ සේම ජාතිය ගොඩනැගීමේ කර්තව්‍යයන්ට හා හදිසි අවශ්‍යතාවලට අවශ්‍ය සහයෝගය රටට ලබාදෙන බව හෙතෙම පැවසීය.

ඔවුන් අසන ලද තවත් පැනයකට පිළිතුරු දෙමින් ‘මට ලැබුණු උපදෙස් අනුව රටින් පිටවිමට සිදුවුවා. මා එම අවස්ථාවේ පැවති ත්තවයන්ට වින්දිතයෙක් වූවා මිස දේශපාලනික ක්‍රියාවන්ට වින්දිතයෙක් නොවූ අතර කිසි දිනක දේශපාලනයේ ද නිරත වූයේ නැත’ යනුවෙන් පැවසීය.

අයිඑස්අයිඑස් සංවිධානයේ තර්ජනයන් පිළිබඳව නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නව යුද්ධ හමුදාධිපතිතුමා පැවසූවේ ත්‍රිවිධ හමුදාවන්, පොලිසීය සහ බුද්ධි අංශ මෙවැනි අවස්ථාවන් සඳහා පාලනය කිරීමේ හැකියාවෙන් යුත් බවත් මේ මොහොතේ දී එවැනි තර්ජනයක් පිළිබඳව බිය නොවිය යුතු බවත්ය.

යුද්ධ හමුදාවේ වර්ථමානයෙහි පවතින තත්වයේ ගුණත්මක සංවර්ධනයක් සිදු කළ යුතු බවත්, ඒ සඳහා වන යෝජනාවන් සෙබලුන් තුලින්ම ලබාගෙන අවශ්‍ය ප්‍රතිසංස්කරණයන් සිදු කිරීමට බලාපොරොත්තු වන බව යුද්ධ හමුදාධිපතිවරයා තවදුරටත් මෙහිදි ප්‍රකාශ කරන ලදී. තවද තමාගේ ඉදිරි කටයුතු සඳහා සියලු මාධ්‍යවේදින්ගේ සහයෝගය යුද්ධ හමුදාවේ සහ රටේ සුභසිද්ධිය වෙනුවෙන් ලබාදෙන මෙන් නව යුද්ධ හමුදාධිපතිතුමන් වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

Running sports | Air Jordan