Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

03rd January 2024 16:42:37 Hours

නව ප්‍රධාන සංඥා නිලධාරී රාජකාරී අරඹයි

යුද්ධ හමුදා මූලස්ථානයේ නව ප්‍රධාන සංඥා නිලධාරි ලෙස මේජර් ජෙනරල් අයි.එච්.එම්.ආර්.කේ. හේරත් යූඑස්පී එන්ඩීසී පීඑස්සී පසුගිය බදාදා (ජනවාරි මස 03) දින සිය රාජකාරී භාර ගන්නා ලදී.

මේජර් ජෙනරල් අයි.එච්.එම්.ආර්.කේ. හේරත් යූඑස්පී එන්ඩීසී පීඑස්සී ආගමික වතාවත් සහ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් ධූරයේ රාජකාරී කටයුතු භාරගනු ලැබීය. රාජකාරි භාරගැනීමෙන් අනතුරුව එතුමන් නිලධාරීන් ඇතුළු කාර්ය මණ්ඩල සාමාජිකයින් ආමන්ත්‍රණය කරමින් සිය අනාගත දැක්ම පිළිබඳ විස්තර කළේය.

එතුමන් මෙම ධූරයේ මෙන්ම ජනමාධ්‍ය හා මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්‍ෂ ජෙනරාල් ලෙසද රාජකාරි කරනු ලබයි.