Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

27th October 2023 12:51:21 Hours

නව ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු රාජකාරි අරඹයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නව ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු වශයෙන් මේජර් ජෙනරල් එස්.ඒ. කුලතුංග ආර්ඩබ්ලිව්පි ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී පසුගිය බ්‍රහස්පතින්දා (ඔක්තෝබර් මස 26) දින යුද්ධ හමුදා මූලස්ථානයේ පැවති කෙටි උත්සවයකදී රාජකාරි භාරගත්තේය.

මේජර් ජෙනරල් එස්.ඒ. කුලතුංග ආර්ඩබ්ලිව්පි ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී ආගමික වතාවත් මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් ධූරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කරනු ලැබීය.

මෙම උත්සව අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගි වූහ.