Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

14th June 2020 22:14:02 Hours

නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි වෙත ශ්‍රි ලංකා ජාතික ආරක්‍ෂක බළමුළු රෙජිමේන්තු මූලස්ථානයේ ගෞරවාචාරය

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති ලෙස කටයුතු කළ මෑතකදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ධුරය භාරගත් මේජර් ජෙනරාල් රසික ප්‍රනාන්දු ඉකුත් (13) දින නව පත්වීම් භාරගැනීමෙන් පසු ශ්‍රි ලංකා ජාතික ආරක්‍ෂක බලමුළු රෙජිමේන්තු මූලස්ථානයේ සිදු කළ සිය මංගල සංචාරයේදී එතුමන්ව හමුදා සම්ප්‍රදායානූකුල ගෞරවාචාර මධ්‍යයේ ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

ප්‍රධාන දොරටුව අභියසදී ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් කේ. එම්. තිලකරත්න විසින් එම රෙජිමේන්තු මූලස්ථානයේ සභා සාමාජිකයින්, අණදෙන නිලධාරීන් සහ තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙකු සමඟ එතුමන්ව සාදරයෙන් පිළිගනු ලැබීය. අනතුරුව ප්‍රධාන දොරටුව අභියසදී එතුමන් වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානූකූල කඳවුරු සම්මාන ආචාර මුරයක් පිළිගන්වනු ලැබීය.

අනතුරුව, යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි වෙත ශ්‍රි ලංකා ජාතික ආරක්‍ෂක බලමුළු මූලස්ථානයේ සිදු කළ සංචාරය සිහිවනු වස් ‘නා’ පැළයක් රෝපණය කිරිම සඳහා ආරාධනා කරනු ලැබීය. පසුව එතුමන් යුද්ධ හමුදා සාමාජිකයන් සමග සුහද අදහස් හුවමාරුවක නිරත වූ අතර, එහිදි නව පත්වීම වෙනුවෙන් එතුමන් වෙත ඔවුන් සුභපැතුම් එක් කළේය.

ඉන් අනතුරුව, යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී දවසේ වැඩසටහන අවසානය සනිටුහන් කරමින් සියලු නිල තේ පැන් සංග්‍රයට සහභාගී වූ අතර, පසුව සියලුම ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අණදෙන නිලධාරීන් සහ නිලධාරීන් ඇමතු එතුමන් වෙත ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළු රෙජිමේනතු මූලස්ථානයේ කාර්ය මණ්ඩලයේ සියලුම සාමාජිකයන් සුභ පැතුම් පිරිනැමීය. url clone | FASHION NEWS