Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

05th November 2016 12:34:37 Hours

නව නිපැයුම් පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානයේ දී

මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් පි.යූ.එස්. විතානගේ ගේ මඟපෙන්විම යටතේ එම ආරක්ෂක සේනා මුලස්ථාන භට පිරිස් නව නිපැයුම් පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් බ්‍රහස්පතින්දා (03) දින දියතලාව ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ජා බලසේනා පුහුණු පාසලේ දී පවත්වන ලදි.

ඒ අනුව මෙහිදි පර්යේෂණ විශ්ලේෂණ යෝජනා හා සංවර්ධන ශාඛාවේ නියේජ්‍ය සේනාවිධායක බ්‍රිගේඩියර් ඩි.ආර්. ධර්මසිරි සහ තවත් ප්‍රවීණ දේශකයින් විසින් දේශන පැවැත්වූහ.

නිලධාරීන් හා සෙසු නිලයන්, නිර්මාණාත්මක චින්තනය හා සම්බන්ධ විවිධ පැතිකඩයන්, වඩාත් හොඳ අනාගතයක් සඳහා අවකාශය, නව ආරක්ෂක අපේක්ෂාවන් හා අනාගත අභියෝග ආදිය පිලිබඳ දැනුමින් පොහොසත් කිරීම මෙම වැඩසටහනේ අරමුණ විය.

සම්පත් දායකයින් වන ශ්‍රී ලංකා ජාතික ඉංජිනේරු පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානයෙහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් ඒ.එච්. පියසිරි මහතා සහ ශ්‍රී ලංකා ජාතික බුද්ධිමය දේපල කාර්යාලයේ බුද්ධිමය දේපල නිලධාරී හර්ෂ කුලතුංග මහතා විසින් මෙම දේශනය සැසිවාරයේ දී ඉහත සඳහන් අංශ පිළිබඳව දැනුවත් කරන ලදි.

මෙම වැඩසටහන සඳහා බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලකි බ්‍රිගේඩියර් එන්.කේ. වඩුගොඩපිටිය, බ්‍රිගේඩියර් පාලන හා භට කාර්ය සම්පාදන බ්‍රිගේඩියර් අයි.ඕ.ඩබ්ලිව්. මාදොල ඇතුලු ජ්‍යේෂඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් සහ සෙසු නිලයින් ඇතුලු 70 ක් පමණ සහභාගි වූහ.

Sports Shoes | Women's Designer Sneakers - Luxury Shopping