Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

30th November 2023 09:47:27 Hours

නව ක්‍රීඩා අධ්‍යක්‍ෂ රාජකාරි අරඹයි

පනාගොඩ, ක්‍රීඩා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නව ක්‍රීඩා අධ්‍යක්‍ෂ ලෙස ගජබා රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් ජී.ඒ.ටී ගොඩේවත්ත ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පසුගිය බදාදා (නොවැම්බර් මස 29) දින රාජකාරි කටයුතු භාරගනු ලැබීය.

මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ එතුමන් සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් ධූරයේ රාජකාරි කටයුතු භාරගනු ලැබීය.

මීට ප්‍රථම මෙම ධූරය හෙබවූ මේජර් ජෙනරල් පී.ඒ.එම් පීරිස් ආර්එස්පී යූඑස්පී, 22 පාබල සේනාංකයේ සේනාංකාධිපති වශයෙන් රාජකාරි සිදුකරනු ලබයි.

බ්‍රිගේඩියර් ජී.ඒ.ටී ගොඩේවත්ත ආර්ඩබ්ලිව්පී ආර්එස්පී මෙම ධූරයේ රාජකාරි භාරගැනීමට ප්‍රථම යුද්ධ හමුදා මූලස්ථානයේ සමස්ථ ආරක්‍ෂක සම්බන්ධීකාරක සහ මේට්ලන්ඩ් පෙදෙසේ පිහිටි සිව්මහල් බහු කාර්ය පහසුකම් සංකීර්ණයේ ව්‍යාපෘති භාර නිලධාරියා ලෙස කටයුතු කළේය.

නව ක්‍රීඩා අධ්‍යක්‍ෂතුමන් තම රාජකාරි විෂය පථය සහ රාජකාරි ස්වභාවය අධ්‍යනය කිරීමෙන් පසුව අධ්‍යක්‍ෂ මණ්ඩල පරිශ්‍රයේ නිරීක්‍ෂන කටයුතු සිදුකරනු ලැබූ අතර, අනතුරුව එතුමන් භටපිරිස් අමතා සියලු නිල තේ පැන් සංග්‍රහයක් සඳහාද එක්වෙමින් ඔවුන් සමඟින් සුහඳව අදහස් හුවමාරු කරගනු ලැබීය.

උත්සව අවස්ථාවට ක්‍රීඩා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් පිරිසක් සහභාගී වූහ.