Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

06th September 2019 20:05:48 Hours

නව උසස්වීම් ලැබූ මේජර් ජෙනරාල් රංජිත් ධර්මසිරි හට ශ්‍රී ලංකා සංඥා බලකායේ ගෞරවාචාරය

මේජර් ජෙනරාල් නිලයට උසස්වීම් ලැබූ පර්යේෂණ හා සංවර්ධන අධ්‍යක්‍ෂ මේජර් ජෙනරාල් රංජිත් ධර්මසිරි ඉකුත් බදාදා (04) දින ශ්‍රී ලංකා සංඥා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ පැවැති හමුදා සම්ප්‍රදායානුකූල උත්සවයකදී උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත සපැමිණි නව මේජර් ජෙනරාල් රංජිත් ධර්මසිරි, ශ්‍රී ලංකා සංඥා බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් පාලිත පෙරේරා විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව ප්‍රධාන දොරටුව අභියසදී සංඥා බලකායේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් පිරීනැමීය. අනතුරුව, එතුමන් මව්බිම වෙනුවෙන් දිවිපිදු විරෝදාර රණවිරුවන් සිහිපත් කරමින් රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රයේ පිහිටි රණවිරු ස්මාරකය අභියස පුෂ්පෝපහාර පුද කරන ලදී.

ඉන් අනතුරුව, එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල වර්ණවත් සම්මාන ආචාර පෙළපාලියේ ගෞරවාචාරය පිරිනමන ලදී. පසුව, ශ්‍රී ලංකා සංඥා බලකායේ කර්නල් සේනාවිධායක මෙන්ම ප්‍රධාන සංඥා නිලධාරී මේජර් ජෙනරාල් එන්.එම්. හෙට්ටිආරච්චි කර්නල් සේනාවිධායක කාර්යාලයේදී හමුවූ එතුමන්ට කර්නල් සේනාවිධායකතුමන් සිය සුබපැතුම් පිරිනැමීය.

මෙම අවස්ථාව සංකේතවත් කරමින් සංඥා බලකා නිලධාරීන් සමඟ නිලධාරී නිවස්නයේදී සමුහ ඡායාරූපයකට ද එතුමන් පෙනිසිටියහ.

ඉන් අනතුරුව ශ්‍රවණාගාරය ඉදිරිපිට පැළයක් රෝපණය කළ උසස්වීම් ලැබූ ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන් ප්‍රධාන ශ්‍රවණාගාරයේ පැවැති සියලුනිල තේපැන් සංග්‍රහයකට ද එක්විය. නිලධාරී නිවස්නයේ පැවැති දිවා භෝජන සංග්‍රහයකින් අනතුරුව උත්සව කටයුතු නිමාවට පත්විය. latest jordan Sneakers | Sneakers