Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

07th September 2019 19:02:03 Hours

නව උසස්වීම් ලැබූ මේජර් ජෙනරාල් ජයසිංහ 62 වන සේනාංක මූලස්ථානයේ දී උණුසුම් අයුරින් පිළිගනි

උසස්වීම් ලැබූ 62 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ධම්මික ජයසිංහ එම සේනාංකයේ භටපිරිස් විසින් ඉකුත් අඟහරුවාදා (03) දින හමුදා සම්ප්‍රදායානුකූලව පැවැති උත්සවයකදී උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

62 වන සේනාංක මූලස්ථාන පරිශ්‍රය වෙත සපැමිණි උසස්වීම් ලැබූ සේනාංකාධිපතිතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන ආචාර පෙළපාලියක් පිරිනමනු ලැබීය. ඉන් අනතුරුව, සේනාංකයේ භටපිරිස් ඇමතූ හෙතෙම සියලුනිල තේපැන් සංග්‍රහයකට ද එක්විය.

මෙම අවස්ථාව සඳහා 621, 622 හා 623 වන බලසේනාවන්හි බලසේනාධිපතිවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම 62 වන සේනාංකය සහ ඒ යටතේ ස්ථාපත ඒකක නියෝජනය කරමින් නිලධාරීන් සහ සෙසුනිලයින් රැසක් එක්ව සිටියහ. buy shoes | 【海外近日発売予定】 サウスパーク × アディダス オリジナルス キャンパス 80S "タオリー" (GZ9177) - スニーカーウォーズ